පරිසරය කියන්නේ මගේ ශරීරයේ කොටසක් කියලා හිතන තැනට මේක වෙනස් කරගමු – කොට්ටහච්චි

Date:

පරිසරය පිරිසිදු කිරීම යනු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ එක් පැතිකඩක් පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

“ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය 2025 වර්ෂයට අපි හඳුන්වා දෙන දැවැන්ත ව්‍යාපෘති තුනෙන් පළමුවැන්න. පරිසරය පිරිසිදු කරනවා කියන එක මේ ව්‍යාපෘතියේ එක පැතිකඩක් විතරයි. මේකෙ සමාජයීය පිරිසිදු කිරීමේ කටයුත්ත සහ මිනිස්සුන්ගේ ආකල්ප පිරිසිදු කිරීමේ කටයුත්ත කියන ඒවාත් අපි සලකලා බලනවා. එක ටොෆී කොලයක් බැහැර කරද්දී පවා පරිසරය කියන්නේ මගේ ජීවිතය, මගේ ශරීරයේ කොටසක් කියන තැනට හිතන්න පුළුවන් තැනකට අපි මේක වෙනස් කරගනිමු කියන එක තමයි අද අපේ එකම ප්‍රාර්ථනාව”

නිලන්ති කොට්ටහච්චි මහත්මිය මේ බව පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වාද්දූව මොල්ලිගොඩ වෙරළ තීරයේ පිරිසිදු කිරීම් සිදුකරන අවස්ථාවට ඊයේ (ජනවාරි 11) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...