ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරුන් සිව්දෙනෙකු පත්කෙරේ !

Date:

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙතෙක් පැවති පුරප්පාඩු සඳහා නව විනිසුරුවරුන් සිව්දෙනෙකු පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, අභියාචනාධිකරණ විනිසුරු සෝබිත රාජපකරුණා මහතා, අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය, අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (ජනවාරි 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වශයෙන් දිවුරුම් දීමට නියමිත බව සඳහන්.

මෙහි පවතින විශේෂම කරුණ නම් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා මෙම පත්කිරීම් සිදුකිරීමේදී රජයේ කිසිදු දේශපාලන අත පෙවීමකින් හෝ කිසිදු බාහිර පුද්ගලයකුගේ මැදිහත්වීමකින් තොරව විනිසුරුවරුන්ගේ ජ්‍යේෂ්ඨත්වය සුරක්ෂිත කරමින් අභියාචනාධිකරණයේ ජ්‍යේෂ්ඨත්වය අනුව කටයුතු කර තිබීමයි.

මීට පෙර බොහෝ අවස්ථාවල සිදුවූයේ අභියාචනාධිකරණයේ ජ්‍යේෂ්ඨත්වය නොසලකා දේශපාලන හිතවත්කම් මත ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්වීම් ලබාදීමත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වශයෙන් පත්කිරීමත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනුණු කෙහෙළිය පවුලට ඇප!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...