රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW :
ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අලුත් වැඩක් පසුගියදා ආරම්භ කළ අතර, ඒ අනුව රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇතිදැයි පරික්ෂා කිරීමේ රසායනාගාර සහිත බස් රථ සේවයක් ආරම්භ කෙරුණි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, අදාළ සාම්පල් පරික්ෂණයේ ප්‍රතිඵල මිනිත්තු 03ක් ඇතුළත ලබාගත හැකි වනවා. එම පරික්ෂණයෙන් මත්ද්‍රව්‍ය 12ක් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි.
කෙසේවෙතත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ සිය සේවකයින් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථවල සේවය නොකරන බවයි. එවන් පසුබිමක් තුළ වෙනත් කරුණු කිහිපයක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් ලබන 14 වනදා කොළඹට කැඳවීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, සිය බස් කර්මාන්තයට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් සිදුවන අපහසුතා සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, පෞද්ගලික බස් කර්මාන්තය මේ වනවිට කඩා වැටීමකට ලක්ව ඇති බවයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, කෙසේවෙතත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන භාවිත කරන රියදුරන්ට එරෙහිව මේ වනවිට නීතිය ක්‍රියාත්මක බවද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


