නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW:
කාන්තා විස්සයි ජාතික ලීග් තරගාවලියේ ග්‍රේ සහ ග්‍රීන් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ග්‍රේ කණ්ඩායමට ලකුණු 35 ක ජයක් හිමි විය.ඒ සඳහා එම කණ්ඩායමේ නායිකාව වන විශ්මි ගුණරත්න සහ ඉමේෂා දුලානි පිත්තෙන් ද,ඉනෝෂි ප්‍රනාන්දු පන්දුවෙන්ද විශාල දායකත්වයක් ලබා දෙන්නට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ග්‍රේ කණ්ඩායම සිය පන්දු ඕවර් 20 නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 132 ක් රැස් කරගෙන තිබිණි.එයින් ලකුණු 56 ක් ගලා ආවේ විශ්මි ගුණරත්නගේ පිත්තෙන්ය.පන්දු 52 ට මුහුණ දුන් ඇය එම ලකුණු 56 සඳහා හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ද එක් කරන්නට සමත් විය.ඉමේෂා දුලානි ගේ පිත්තෙන් ලකුණු 40 ක දායකත්වයක් ලැබිණ.ඒ සඳහා ඉමේෂා පන්දු 34 ට මුහුණ දුන්නේය.හතරේ පහර 5 ක් එම ලකුණු 40 ට එක් කර ගැනීමට ඉමේෂා සමත් විය.

ග්‍රින් කණ්ඩායම වෙනුවෙන් සුගන්ධිකා කුමාරි සහ නිමේෂා මධුශානි මෙම ලකුණු 132 ක කරා යාමට එරෙහිව ග්‍රේ කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කළේය.සුගන්ධින සිය පන්දු ඕවර් 4 ලකුණු 18 ට සීමා කරමින් කඩුලු 2 ක් ද දවා ගත්තාය.නිමේෂා පන්දු ඕවර් 4 ලබා දුන්නේ 17 ක් පමණි.ඇයද එම ලකුණු 17 ලබා දී කඩුලු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිම තුළ ග්‍රීන් කණ්ඩායමට ලබා ගන්නට ලැබුණේ සියල්ල දැවී ලකුණු 97 ක් පමණි.එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිණිය වූයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන ඕෂධි රණසිංහ ය.ඇය ලකුණු 21 ක් එක් කළාය.එවැනිම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක වන ඉනෝෂි ප්‍රනාන්දු ග්‍රීන් කණ්ඩායමේ නැඟීමට හරස් කැපූ ප්‍රධානය පන්දු යවන්නිය වූවාය.ඇය ලකුණු 14 ට කඩුලු 4 ක් දවා ගනිමින් ග්‍රීන් කණ්ඩායමට නැඟෙන්නට තිබුණු මඟ අහුරා දැමුවාය.



