කොළඹ LNW:ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි ජනධිපතිවරයා විශ්වාසකරන්නේ නම් එය සම්පූර්ණයෙන් වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
යෝජිත අධ්‍යාපනප්‍රතිසංස්කරණ රටට නොගැලපෙන නමුත් රජය ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාගේ කතාවෙන් පෙන්නුම් කරන බවයි ඔහු සඳහන් කළේ.
රටට සුදුසු දේ සහ අවශ්‍ය දේ පමණක් ක්‍රියත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත් එසේ නොකර එමඟින් ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටු නොකරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජනතාව අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනස්කම් සඳහා ඇති අවශ්‍යතාවය පිළිගන්නා බවද ඔහු පැවසිය. කෙසේ වෙතත් හඳුන්වා දෙන ඕනෑම ප්‍රතිසංස්කරණයක් රටට අනුකූල විය යුතු අතර ජනතා විමුක්ති පෙරමුණට ගැලපෙන පරිදි නිර්මාණය නොකළ යුතු බව ඔහු අවධාරණය කළේය.
රටේ ආගමට සහ සංස්කෘතියට ඇඟිලි නොගසන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය
රටේ අධ්‍යාපන ක්‍රමයට නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ගන්නා උත්සාහයන් සඳහා රජය සම්පූර්ණ වගකීම භාර ගත යුතු බව රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.


