බැසිල්ගේ විශේෂ භාණ්ඩ හා සේවා බද්දට සුරාබදු දෙපාර්තමේන්තුවෙනුත් විරෝධය!(VIDEO)

Date:

ප්‍රධාන වශයෙන් ආදායම් උපයන බදු වර්ග කිහිපයක් එකතු කර විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලෙස නම් කර එය මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ උත්සාහයට සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ද විරෝධය එල්ල වී තිබේ.

සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්.එම්.රනුර නජිත්සිං මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ 2002 සහ 2016 යන වර්ෂවලදීද ආදායම් අධිකාරියක් පිහිටු වීමට උත්සහ දැරූ අතර වත්මන් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ද එහි එක් මුහුණුවරක් ලෙස පෙනෙන්නට ඇති බවයි.

සුරා බදු දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයට ප්‍රධාන වශයෙන් ආදායම් උපයා දෙන දෙපාර්තමේන්තු වන අතර මෙම විශේෂ බද්ද හරහා සිදුවන්නේ එම දෙපාර්තමේන්තුවලින් මෙම බදු ආදායම් එකතු කිරීම නතර වීමයි.

කෙසේවෙතත් මෙම දෙපාර්තමේන්තු චෝදනා කරන්නේ නව බද්ද හරහා අදායම් ඒකාබද්ධ අරමුදලට ලැබීම සම්බන්ධයෙන් පැහැදිලි බවක් නැති බවයි.

පසුගිය වසරේ කොරෝනා වසංගත සමයේ පවා රු. බිලියන 140කට වැඩි ආදායමක් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් උපයා දී ඇති අතර එය සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ වැඩිම බදු අදායම් එකතු වීම බවයි නජිත්සිං මහතා කියා සිටියේ.

මෙලෙස ඉතා හොඳින් රජයේ ඉලක්ක සපුරමින් සිටින මොහොතක නව බදු ප්‍රතිපත්ති හඳුන්වා දීම ගැටළු සහගත බවයි ඔහු කියා සිටියේ.

මේ පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන්,අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් අවස්ථාව ඉල්ලා තිබෙන බවත් වෘත්තීය සමිතිවල හඬට සවන් නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම සඳහා අවධානය යොමුකර තිබෙන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මෙම විශේෂ භාණ්ඩ හා සේවා බද්දට දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ද සිය විරෝධය පළකර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...