පරාද වෙයි කියලා බයවෙලා, පුංචි ඡන්දෙ කල්දැම්මෙ ඒකයි – ම.රෝ.ල. පියදාස

Date:

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවතියද ආණ්ඩුව අන්ත පරාජයක් ලබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට අත්වන අන්ත පරාජය වළක්වා ගැනීම සඳහා මැතිවරණය කල් දැමීමට තීරණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ආණ්ඩුවක් නම් සිදුකළ යුතුව තිබුණේ මැතිවරණයට මුහුණ දී ආණ්ඩුවේ ජනප්‍රියත්වය තහවුරු කර ගැනීම බවත්, කෙසේ නමුත් ආණ්ඩුව පිරහී ඇති බව ආණ්ඩුවේ නායකයන් විසින්ම පිළිගෙන ඇති ආකාරය මැතිවරණය කල්දැමීමෙන් පැහැදිලි වන බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා.

පළාත් පාලන ආයතන බහුතරයක බලය මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති අතර මෙම වසරේදී සියලු පළාත් පාලන ආයතනවල නිළ කාලය අවසන්වීමට නියමිතය. කෙසේ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පසුගියදා නිකුත් කළ ගැසට් පත්‍රය මගින් පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කළේය.

ඊට හේතු ලෙස ආණ්ඩු පාර්ශ්වය සඳහන් කළේ කොවිඩ් අර්බුදය හේතුවෙන් පළාත් පාලන ආයතන හරහා ජනතාවට සිදුවිය යුතු සේවය ප්‍රමාණවත් පරිදි සිදු කිරීමට අවස්ථාව නොලැබුණු බවයි. එසේම කොවිඩ් අර්බුදය හේතුවෙන් මැතිවරණ පැවැත්වීම අවදානම් බවද ප්‍රකාශ කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...