අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)

ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (12) කොහුවල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොවිඩ් 19 හේතුවෙන් රට විරුවන් එක්ලක්ෂ හැට අටදහසක් නැවත රටට ගෙන ආ අතර නැවත එක්ලක්ෂ විසිදහසක් ගොස් ඇති හෙයින් සති කිහිපයකින් පවතින ප්‍රශ්න විසඳෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉතාම උපක්‍රමශීලි ආණ්ඩුවක් ලෙස මුලින්ම කිරීමට තිබුණේ ජනතාවගේ ජීවිත බේරාගැනීම බව හෙතෙම සඳහන් කළේය.

එම නිසා ඩොලර් වියදම කර එන්නත් ගෙන ආ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...