මත්ද්‍රව්‍ය සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මරුට !

Date:

මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමට උත්සාහ කිරීමේදී ඇතිවූ පොරබැදීමකින් පසුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සේවකයකු වූ 42 හැවිරිදි දෙදරු පියෙකි.

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව අදාළ සැකකරු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අසලදී ඊයේ (11) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් පමණ හමුවූ අතර එම මත්ද්‍රව්‍ය මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලබාගත් බව සැකකරු පැවසීයැයි පොලිසිය සඳහන් කරයි.

පසුව සැකකරු මරදාන ප්‍රදේශයට රැගෙන එද්දී නෙළුම් කුලුණ අසලදී ඔහුට ජලය පානය කිරීමට අවශ්‍ය බව පැවසූ බවත් එහිදී ඔහුට ජලය ලබාදුන් වීදුරු බෝතලය කඩා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදී පැනයාමට තැත් කළ බවත් එහිදී පොලිස් නිලධාරීන් සහ සැකකරු අතර ඇතිවූ පොරබැදීමේදී ඔහු සිහිසුන්වූ අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගිය බවත් පොලිසිය පවසයි.

සැකකරු පොඩි ලැසී නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු බවටයි පොලිසිය චෝදනා කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...