*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

අපිට මඩ අපහාස එපා, වැඩවලින් ගහන්න. ඒක ජනතාවට කරන සේවයක් වේවි – සජිත් (VIDEO)

රට ගොඩ ගැනීමට නම් රටට වැඩ කළ හැකි, ලෝකය සමඟ සබඳතා ඇති, ජාත්‍යන්තරය සමඟ බද්ධ වූ දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එවැනි කණ්ඩායමක් තමන් සමඟ සිටින බවත් එම නිසා එම කණ්ඩායම විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් වැඩ කර ඇති හෙයින් ඔවුන් සම්බන්ධයෙන් විශ්වාසය තබන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

එසේ ම සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරන විට සමාජවාදය ගැන කයිවාරු ගසන ඇතැම් දේශපාලන කණ්ඩායම් අපහාස, මඩ ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන්ට කියා සිටින්නේ එවැනි දේ නොකර විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් පාසල් දු දරුවන් වෙනුවෙන් මව්වරුවන් වෙනුවෙන් තරගයට වැඩ කිරීමට එක්වන ලෙසත් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය ජනවාරි 6 වැනි දා සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 67 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට රත්මලාන ලලිත් ඇතුලත්මුදලි පාසලේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේදී ය.එය ලක්ෂ පණහක් වටිනා බස් රථයකි. ඒ අනුව මේ දක්වා සක්වලට සමගාමීව රුපියල්. 324,200,000ක බස් රථ පරිත්‍යාග කොට ඇත.

මේ රටේ සම්ප්‍රදාය වී ඇත්තේ ජනතාවට සේවය කිරිමට නම් රාජ්‍ය බලය අවැසි යැයි සිතීම බවත් එසේ රාජ්‍ය බලය ලැබුණු විට ජනතාවගේ බදු මුදල් සංවර්ධනයේ නාමයෙන් බෙදා හැරීම වසර 74ක් පුරා සිදු වූ බවත් එසේ ම විපක්ෂය සිදු කළේ කෙසේ හෝ බලය ලබා ගැනීමට වෙහෙසීම මිස ජනතාව වෙනුවෙන් සේවය කිරීම නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ක්‍රමය වත්මන් විපක්ෂය වෙනස් කළ බවත් ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එකේ ප්‍රධාන ලක්ෂණ 2ක වන්නේ සක්වල සහ හුස්ම වැඩසටහන බවත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය පවා බංකොලොත් වී ඇති මොහොතක එම අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ඉල්ලීම් ඉටු කරන්නේ වත්මන් විපක්ෂ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම නම් ඩොලර් අවැසි බවත් ඒ සඳහා වර්තමානයේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් කියා සිටියේය.

අන්තර්ජාලයෙන් සමාජයට විෂමකාරී දේවල් නිර්මාණය විය හැකි වුණත් එය යහපත් අයුරින් භාවිත කර තොරතුරුවලට, දත්තවලට, විද්‍යාට ප්‍රවේශය ලබා දී සුහුරු සිසුවා, සුහුරු පුරවැසියා නිර්මාණය කළ යුතු බවත් පැවසීය. එමෙන් ම සමහර පාසල් 2022 වසරේ ප්‍රවාහන වියදම් සඳහා මිලියනයකට අධික ප්‍රමාණයක් වැය වි ඇති බවත් නමුත් මේ බස් රථ පරිත්‍යාග කිරීමෙන් ඉදිරියේ දී එම මුදල් පවා දෙමාපියන්ට ඉතිරි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ආණ්ඩු විසින් පාසල් සඳහා ගොඩනැගිලි ලබා දුන්නත් ඒවා රැක ගැනීම නඩත්තු කිරීම ආදිය සිදු නොවන බවත් මේ නඩත්තුව හා පවත්වා ගැනීම වසරක් පාසා සිදුවිය යුතු බවත් ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පැවැතිය යුතු බවත් මේ චින්තනය ජනතාව තුළ මෙන් ම රාජ්‍ය පාලනය තුළත් ඇති විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan