පාස්කු ප්‍රහාරය : මෛත්‍රී ඇතුළු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද

Date:

2019 පාස්කු ඉරිදා දිනයේදී කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද (12) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම් ගොනුකර තිබුණේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව 12ක් විසිනි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...