පාස්කු ප්‍රහාරය : මෛත්‍රී ඇතුළු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද

2019 පාස්කු ඉරිදා දිනයේදී කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද (12) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම් ගොනුකර තිබුණේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශ්ව 12ක් විසිනි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

RN