ඔන්ලයින් ගිණි පොලි ණයකරුවන්ගේ කැරැට්ටුව සජිත් පාර්ලිමේන්තුවේ දිගහරියි.

Date:

බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත්, මෙහි දී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප, පවුලේ ඡායාරූප ලබා ගන්නා බවත් , දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ නෛතික ගැටලුවක් පවතින නිසා මෙවැනි දේ සිදුවන බව පැවසූ බවත් , ඒ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා පැය 2ක පමණ කාලයක් මෙම ණය උගුලට හිරවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ බවද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර මෙම ණය මෝරුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, මොවුන් සියයට 300ක පොළියක් අය කර සිටින බවත්, ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් දුරකතනයෙන් තර්ජනය කිරීම මෙන්ම පවුලේ ඡායාරූප අසභ්‍ය රූප සමඟ සංස්කරණය කර සමාජ මාධ්‍ය හරහා අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දීපෙන්වා දුන්නේය.

නව නීති ගෙන ඒමේදී මෙවැනි කූඨ ව්‍යාපාර සිදු කර ගෙන යාම වළක්වාලමින් කටයුතු කරන ලෙසත්, මොවුන් මෙරටට පැමිණි වීසා කොන්දේසි සොයා බලා වැරදි ආකාරයට සිටි නම් රටින් පිටුවහල් කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ, මෙවැනි කූඨ ව්‍යාපාරවලින් ණය ගත් පුද්ගලයන් එම ණය නොගෙවන ලෙසත් ඉල්ලා සිටින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...