රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙනවා ඒ ගැන සැකයක් තියාගන්න එපා – කම්කරු නියෝජ්‍ය ඇමති

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ (LNW):

අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවත් ,ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බවත්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ. ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාන් 05 අන්තර්ගතයි. ඒ නිසා මේ සේවාන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා. ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩිකරන්න කොහොමද කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා.” ලෙස මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...