අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර මේ ගෙවී යන්නේ එම අකුසල කර්මය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

එජාපය ලෙස මහජනතාවට බොරු ඉදිරිපත් කර නොමැති වුවද මහජනතාව විසින් තම පක්ෂය ප්‍රතික්ෂේප කිරීම ජනතාවට පළිසන් දෙමින් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

”අපි මහජනතාවට බොරු ඉදිරිපත් කරලා නැහැ. බෞද්ධ දර්ශනය අනුව බොරු කීමේ ප්‍රතිඵලය භයානකයි. ඒක තමයි සිහියේ තබාගත යුත්තේ. මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක්. මේ ගෙවී යන්නේ ඒ අකුසල කර්මයයි. ඒ අකුසල කර්මය මේ වන විට පළිසන් දෙමින් තිබෙනවා මහජනතාවට. ඒ ගැන අපි කණගාටු වෙනවා. අවසාන වශයෙන් එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂටයි.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...