පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW :

පාසල් ළමුන්ට පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එහිදී, අස්වැසුම සුභසාධන වැඩසටහනට හිමි පවුල්වල පාසල් ළමුන් සඳහා පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම පිණිස එක් ළමයෙකුට රුපියල් 6,000ක දීමනාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ලබාදීමට නියමිතය.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන නමුත් මෙම දීමනාවට හිමිකම් තිබිය යුතු දිවයින පුරා පිහිටි සිසුන් 300ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන්, පිරිවෙන් හා සීලමාතා ආරාමවල ඉගෙනුම ලබන ගිහි සහ පැවිදි සිසුන්, සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහාද එක් අයෙකුට රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

මෙම පිරිස සඳහා අදාළ දීමනා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගෙවීමට 2025 වර්ෂය තුළදී පියවර ගෙන තිබේ.

එම වැඩසටහන 2026 වර්ෂය තුළද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිට විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...