රටට ඩොලර් ගේන රැකට් සහ ෂට්ල් දඩල්ලට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 13 කොළඹ (LNW): ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමය මේ මොහොතේ කිරීමට අසීරුම නමුත් රට වෙනුවෙන් කළ යුතුම වැඩකට අත ගසා තිබෙනවා.රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අභිවෘද්ධියට පමණක් නොවන රටේ ආර්ථික අවශ්‍යයතාවයන් කෙරෙහිද වැදගත් වන ජාත්‍යන්තර තරගාවලි දෙකක්ම ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණය පවතින දඩල්ල කේන්ද්‍ර කරගෙන පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ලීනින්ග් අනුග්‍රහය යටතේ පවත්වන මෙම තරගාවලි දෙක සඳහා රටවල් 17 ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 වැඩි පිරිසක් සහබාගි වනු ඇති බව තරගාවලි කමිටු සභාපති සහ ශ්‍රී ලංකා බැඩිමින්ටන් උප සභාපති දිනේශ් ජයවර්ධන පවසනවා.එසේම නිරන්තරයෙන් දේශිය බැඩිමින්ටන් පිටියේ පෝෂණයට බලපාන සියලු අනුග්‍රාහකයන්ද මේ පසුපස සිටින බව ඔහු නිකුත් කර ඇති වීඩියෝවකින් කියැවෙනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම සංචාරක අමාත්‍යංශයේ ද ආඔිර්වාදය ඇතුව මෙවැනි ජාත්‍යන්තර අවධානයක් ගත හැකි තරගාවලියක් සංවිධානය කරන්නට හැකි වීම පිටුපස වෙනත් ක්‍රීඩාවලට ද යම් අභියෝගයක් මෙන්ම මෙවැනි ජාත්‍යන්තර තරග යැඩ සටහන් සඳහා යාමට පෙළඹවීමක් ශ්‍රී ලංකා බැඩිමින්ටන් ලබා දෙන බව අපේ විශ්වාසයයි.

පෙබරවාරි 5 දා සිට 11 දා දක්වා දඩල්ල මූලික කරගෙන පැවත්වෙන තරගාවලිය හඳුන්වා තිබෙන්නේ ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා තරගාවලිය ලෙසයි.පෙබරවාරි 12 දා සිට පෙබරවාරි 18 වන දා දක්වා පැවත්වෙන තරගාවලිය ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලිය ලෙස හඳුන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට මෙන්ම විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මේ තරගාවලියට සහභාගි වීම සඳහා පිළිගත හැකි ඇතුළත් වීමේ ගාස්තුවක් ලබා දීමට සිඳු වි තිබෙනවා.පෙබරවාරි 5 සිට 11 දක්වා පැවත්වෙන තරගාවලිය වෙනුවෙන් ඩොලර් 15000 ක ජය මල්ලක් වෙන් කර තිබෙන අතර පෙරවාරි 12 සිට 18 දක්වා පැවත්වෙන තරගාවලිය සම්බන්ධයෙන් ඩොලර් 5000 ක ජය මල්ලක් වෙන් කර තිබීමට අනුග්‍රාහකත්වය කටයුතු කර තිබෙනවා.මේ තරගාවලිය හරහා ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ට ද ජාත්‍යන්තර අත්දැකීම් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ පහසුකම් ලැබීම වැදගත් කොට සැළකිය හැකි අතර තරගාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පහසුකම් සහිත මිලකට ලබා ගැනීමට හැකි හෝටල් සම්බන්ධයෙන් ද දැනුවත් කිරීමක් කරන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකේය සංචාරක කේෂ්ත්‍රයේ ප්‍රධාන ස්ථානයක් ලෙස ගැනෙන දකුණු වෙරළ තීරයට ආසන්න නිසා ක්‍රීඩක ක්‍රිඩිකාවන් මෙන්ම පැමිණෙන වෙනත් පිරිස් ද බොහෝ විට තරගාවලිය නිමා වී ද දිනයක් හෝ දෙකක් ගත කරන්නට ඇති ඉඩ ගැන සැළකීමේදී මේ අවස්ථාව බැඩ්මින්ටන් ක්‍රීඩාවට මෙන්ම රටට ද අතිශයින් වැදගත් වෙනවා.
මේ තරගාවලියේ ප්‍රතිපලය කුමක් වුව ද,තරගාවලිය සංවිධානය හරහා ශ්‍රී ලංකාවේ ආර්තිකයට මෙන්ම ක්‍රීඩාවටද ආදර්ශයක් දීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සමත් වී සිටින අතර මේ සම ග එක්ව කටයුතු කරන සියලු ලාංකිකයන් ඒ ආදර්ශමත් මැදිහත් වීම රටේ කිරීත්යට සහ ගෞරවයට හේතුවක් කර මේ තරගාවලිය නිමා කිරීමට කටයුතු කළ යුතු බව අපේ හැඟිමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

පළාත් කොමසාරිස්වරුන්ට තලතාගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මේ වන විට...