සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 14 ,(LNW)කොළඹ :
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය පිටුපස තිබෙන දැවැන්ත දේශපාලන ඛේදවාචකයන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සිදුවිය.ඒ එම ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සමඟ එක් වූ අවස්ථාවේදීය.
එහිදී මතුවූ වැදගත් කාරණාවක් වන්නේ මෙම ක්‍රීඩාංගනය ආරම්භයේ සිටම,මේ මොහොත දක්වා රටේ සමස්ත ක්‍රීඩාව කෙරෙහි රාජපක්ෂ රාජ්‍ය පාලනයේ අඳුරු සෙවනැලි විසිර පැතිර ඇති ආකාරයය.එම ක්‍රීඩා සංකීර්ණය සම්බන්ධයෙන් වැය කර තිබෙන මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න මේ වනතුරුත් නොදන්නා කාරණයකි.
එසේම රාජ්‍යමය වශයෙන් කිසිදු වගකීමක් සැලසුමක් නොමැතිව ඒ වෙත යොමු කර ඇති රාජ්‍ය සම්පත් නිවැරදිව භාවිතයට නොගෙන,විනාශ කර තිබෙන බවත් මැනවින් පැහැදිළි විය.
මේ සමඟ ඇති මුද්‍රිත ලියවිල්ලක ඡායාරූප සටහනෙන්,පැහැදිළිව දැක ගත හැකි වන්නේ කලක් මේ ක්‍රීඩා සංකීරණය පරිපාලනය සඳහා ක්‍රියාකළ,මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමට අයත් නිලධාරි මඩුල්ලය.මේ නම් පෙළ දකිද්දි,රාජ්‍ය සේවය ඉහළින්ම,දේශපාලනය වෙනුවෙන් භාවිතා කළ,සහ රටේ ක්‍රීඩාවේ ස්වරූපය රාජපක්ෂ උවමනාවන් වෙනුවෙන් හසුරවන ලද පිරිස් ද සිටින බව පැහැදිළිය.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ගත් තීරණයේ දී,ක්‍රියාත්මක වූයේ,දේශපාලනික හැඩයක් එම තීරණයට සම්බන්ධ නොවන ලෙස,රටේ පවතින නීතියට අනුව යමින්ය.ඒ සිය තීරණයේ,නීතිමය හැඩය සුරැකෙන පරිදි,අවශ්‍ය නීති උපදෙස් නීතිපතිවරයා හරහා ලබා ගනිමින්ය.
මේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමේ නිලධාරී සංයුතිය දෙස බැලීමේදී,අප නිරන්තරයෙන් සමාජගත කළ කාරණාවලට සාපේක්ෂව ගත් විට,සිය බලය වෙනුවෙන් තමන්ට අවස්ථාවක් නැති නිසා,ජාත්‍යන්තරය පවා භාවිතයට ගනිමින් සහ සිය දේශපාලන බල පුළුවන්කාරකම පදනම් කර ගනිමින් ක්‍රියා කළ පුද්ගලයන් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් ඔවුන්ගේ උවමනාවන් වලින් බැහැරව ක්‍රියාත්මක කරන්නට යාමේදී ඒ බල පුළුවන්කාරකම් භාවිතයටගනිමින්,තවමත් අන්තර්ජාතික වශයෙන් පවා කරණම් ගසන චරිත,දැක ගන්නට හැකිය.
එසේම ක්‍රීඩාවේදී රට ජාත්‍යන්තර වශයෙන් අප කීර්තියට පත්කර,ඒ වෙනුවෙන් නිසි දඬුවමක් නොලැබූ අයත්,රාජපක්ෂ සංදර්ශන වෙනුවෙන්,සිය ක්‍රීඩා සම්මේලන ගිණුම් හිස් කළ පිරිස්,නාමල් රාජපක්ෂ පාලනයේ සිට හරීන් ප්‍රනාන්දු දක්වා ඇමතිවරුන් යටතේ වගකීම් දැරූ බවත් අප ඒ ඇමතිවරුන්ගේ කාලයේ සිටම පෙන්වා දුන්නේය.ඒ අයගේ දේශපාලන සබඳතා කවරේද යන්න මේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමේ නාම ලේඛණය සහ වර්ථමානයේ ලංකාවෙ රගර් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට ජාත්‍යන්තර වශයෙන් එල්ලවෙන පීඩනය ඇසුරෙන් වුව තේරුම් ගැනීමට හැකිය.
ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ඔලිම්පික් කමිටුව වෙනුවෙන් නීතිමය ආධාර ලබා ගත් ආකාරයටම මේ සම්බන්ධයෙන් ද ක්‍රියා කළ යුතුව ඇත.ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් වගකීම් දැරීමට නොහැකි වන ලෙස අදාළ පුද්ගලයන් රටේ නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දීමට ක්‍රියා කළ යුතුව ඇත.
හුදු ක්‍රීඩා පණතට අනුව තීරණ ගැනීම වෙනුවට රටේ පොදු නීතිය බලාත්මක වන පරිදි කටයුතු කළ විට,ජාත්‍යන්තර වශයෙන් තීරණ ගැනීම පහසු නැත.ක්‍රීඩා මහත්වරයා මේ වන විට ඒ තත්ත්වය වටහාගෙන ඇත.ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට හානි කර පුද්ගලයන්ට දඬුවම් ලබා දීම මෙන්ම,එම පුද්ගලයන් විසින් ජාත්‍යන්තර වශයෙන් සහ ලංකාවේ දේශපාලන බලවතුන් සමඟ එක්ව,ලංකාවේ ක්‍රීඩාවේ ප්‍රගතියට සහ ඊට දායක වූ මිනිසුන්ට බාධා පමුණුවා කර අසාධාරණ තීරණ ගැන ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කිරීමද කළ යුතුය.ඒ සඳහා ජාත්‍යන්තරය කී පමණින්,ඊට ඇහුං කං දෙන දේශපාලකයාගේ සහ නිලධාරියාගේ රටාව වෙනස් කර,ඒවා සඳහා පිළිගත හැකි සාක්ෂි සහ පරීක්ෂණ වාර්තා ඉල්ලා සිටීමට පෞරුෂයක් ඇති කර ගත යුතුය.
මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම ගැන අමාත්‍යවරයා කළ සුළු හෙළිදරව්වෙන් එහාට,එම නම ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමෙන් නො’නවතින,ඊට සම්බන්ධ පුද්ගලයන් මේ රටේ ක්‍රීඩාවට සහ ක්‍රීඩාවේ අභිවෘද්ධියට කැප වූ මිනිසුන්ට කළ හානියට දඬුවම් පැමිණවීමද කර,අලුත් පරිච්ඡේදයක් ඇරඹිය යුතුව ඇත.
ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රීඩාව ගැන දන්නා නියෝජ්‍ය අමාත්‍යවරයා සතු දැණුම,අපක්ෂපාතීව ක්‍රීඩා අමාත්‍යවරයාට ඇති පරිපාලන අත්දැකීම්වලට එකතු විය යුතුව ඇත.