හෝමාගම බලකොටුවේදීත් මාලිමාවට පරාජයක් !

හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

ජනවාරි 12 වනදා හෝමාගම ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන 58කදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 45ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම සභික ධුර 55ක් දිනාගෙන ඇති බව සඳහන්.

මෙම සමූපකාර නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින්, ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් ඔවුන් පරාජයට පත්වීම මෙහි ඇති විශේෂත්වයයි.

එසේම පසුගිය මහමැතිවරණයේදී හෝමාගම ආසනය ජාජබ ජයග්‍රහණය කර තිබුණේ 75.04%ක තරම් ඉහළ ප්‍රතිශතයක් ලබාගනිමින් වීම ද සැලකිල්ලට ගත යුතු කරුණකි.

මීට පෙර කැළණිය, අඟුණකොළපැලැස්ස සහ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණවලින් ද ජාජබ පරාජයට පත්ව තිබුණු බව වාර්තා වී තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...