අළුතෙන් සංචාරක කලාප 13ක්!

Date:

කොළඹ LNW:සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර ඒවාට අමතරව නව සංචාරක කලාප හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවීමට නියමිතයි.

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක අතර නව ක්‍රියාමාර්ග ඇත සීගිරිය රාත්‍රී කාලයේදී සංචාරකයින්ට විවෘත කිරීමේ තීරණයද ඒ අතර වෙයි.

ඒ අනුව සංචාරකයින්ට පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා අවස්ථාව් හිමිවනු ඇති.

සංචාරක කර්මාන්තයට අදාළව මෙලෙස නව ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම තවදුරටත් පුරාවිද්‍යා ස්ථාන ඇතුළු විශේෂ කලාප සංරක්ෂණය කිරීම පිළිබඳවත් රජය අවධානය යොමුකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...