අළුතෙන් සංචාරක කලාප 13ක්!

Date:

කොළඹ LNW:සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර ඒවාට අමතරව නව සංචාරක කලාප හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවීමට නියමිතයි.

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක අතර නව ක්‍රියාමාර්ග ඇත සීගිරිය රාත්‍රී කාලයේදී සංචාරකයින්ට විවෘත කිරීමේ තීරණයද ඒ අතර වෙයි.

ඒ අනුව සංචාරකයින්ට පුර පසළොස්වක පොහොය දිනට දින දෙකකට පෙර, පුර පසළොස්වක පොහොය දිනයේදී සහ දින දෙකකට පසු සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා අවස්ථාව් හිමිවනු ඇති.

සංචාරක කර්මාන්තයට අදාළව මෙලෙස නව ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම තවදුරටත් පුරාවිද්‍යා ස්ථාන ඇතුළු විශේෂ කලාප සංරක්ෂණය කිරීම පිළිබඳවත් රජය අවධානය යොමුකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...