බුද්ධශාසන ඇමති ආචාර්ය සුනිල් සෙනවි වෑවිල අබලන් වැලමිටි වංගු දෙක අසල මාර්ගය නිරීක්ෂණය කරයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇහැලියගොඩ, වෑවිල ප්‍රදේශයේ අබලන්ව ඇති වැලමිටි වංගු දෙක අසල මාර්ගය පසුගියදා නිරීක්ෂණය කර තිබේ.

ඒ, එම මාර්ගය සංවර්ධනය කිරීමේ අරමුණෙනි.

මෙම අවස්ථාවට ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුනුවිල මහතා ඇතුලු ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.