තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට ඊසානදිග උබොන් රට්චාතානි පළාත දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන විට දුම්රියේ මගීන් 171 දෙනෙකු පමණ සිට ඇති අතර තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවය නිවේදනය කර තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, දොඹකරයට වගකිව යුතු ඉදිකිරීම් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.

තායිලන්තය මාරාන්තික ඉදිකිරීම් අනතුරු වලට ආගන්තුක රටක් නොවන අතර, ආරක්ෂක ප්‍රමිතීන් සහ රෙගුලාසි දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වසරකට විශාල අනතුරු ප්‍රමාණයක් සිදු වන රටකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...