ආනයනික කිරිපිටි මිල පහතට!

Date:

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි ආනයනකරුවන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එම මිල අඩු කිරීම සිදුව ඇත.

මේ අතර එළඹෙන අප්‍රේල් මාසයේදී යළි කිරිපිටි මිල අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...