බල්ලන්ගේ මානව හිමිකම්

Date:

අද උදේ පාන්දර බල්ලා කන්පොට ගැහුවා.සට සට ගාලා.රූපවාහිනි පෙට්ටියෙ ප්‍රවුත්ති යනවා.මායියා කට ඇරගෙන බලං ඉන්නවා….ආයුද පෙන්නන්ඩ එක්ක ගිහිං පොලිස්සියට වෙඩි තියන්න හදලා ආරක්සාවට පොලිස්සිය වෙඩි තියලා නීතිය,සාමය,පොජාචන්ත්‍රවාදය ආරස්සා කොරලා….ඒක ගිය අවුරුද්දෙ වෙච්ච එකක්….මේ අවුරුද්දෙත් ඒ විදිහටම බල්ලා කන්පොට ගැහුවා…මං බැලුවා ටී.වී.පෙට්ටියට එබිලා…..
අම්මට සිරිගජ…හිනාවෙන්ඩෙපා හිතෝතුනි….බල්ලන්ට ගල්කැටඔලිං ගැහුවොත් හිරේ….සම්මතයි…..හරියටම හරි….ආයෙ ඕක අමුතුවෙං සම්මත කොරන්ඩ තරං දෙයක්යැ…..ඔහොම හිත හිතා ඉන්න අස්සෙ බල්ලා ගෑටුවා නිමලෙලැ පැත්තට….මාත් ගෑටුවා ඒ පස්සෙං…..පාර පුරා බල්ලො රැස්වෙලා……මේ ජනේරුවෙ කොහොමත් උං රංචුවෙ යනවා නෙවැ….

අපේ එකත් එක්කහු වුණා.
“ඈ බං නිමලෙ.මොකද්ද මේ බල්ලංගෙ තදියම?
“බණ්ඩයියට පිස්ස්සුද.උංගෙ මානව අයිතිවාසිකං වියස්තාවෙං පිළිගත්තනං අපි මොකට කලබල වෙනවද.?
“හ්ම්…ඇත්ත.. ඇත්ත..බල්ලෙකුටවත් පාරක  යන්ඩ බැරි රටක් කියන එකද ඔය..”
“අනේ පලයං යන්ඩ බණ්ඩයියෙ….බල්ලන්ටත් ඕන තැනක නිදහසේ යන්ඩ පුලුහං.ආයුද පෙන්නන්ඩ නිදහසෙ එක්ක යන්ඩ පුලුහං.ආයුද පෙන්නලා එන්ඩ පුලුහං.හැබැයි පෙන්නපු ආයුදේම අරං පොලිස්සියට වෙඩි තිබ්බොත් මළ කෙළියයි.”
“ආන්න ඒකෙදි බල්ලා මතක් වෙන්නැද්ද?”
“ඒ කීවෙ?”
“එහෙම වෙඩි තියන්ඩ පුලුහන්ද….පාර යනකොට බල්ලෙක් කකුල කඩං කනවා.ඌට ගල් ගහනව.ඊට පස්සෙ හිරේ යනවා…..”
“පාරට බල්ලා දාන එකා මොකාද?”
“ආයුද පෙන්නන්ඩ එක්ක යන එකා මොකාද?”
අනේ මන්දා….මේ ඔක්කොම පැටලෙනවා.ඒ අස්සෙ බල්ලො උඩු බුරනවා.පොලිස්සිය ආයුද පෙන්නන එකා රෑට අරං යනවා.සිරිලංකා පොජාචන්ත්‍රව්‍යාධී සමාජව්‍යාධී රජය දිනේවා…බල්ලො බුහ් ගෑවට….අපට කෙළවෙයිද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...