අතීතය සහ වර්තමානය

Date:

මීට වසර 10 කට පෙර ආහාර නිශ්පාදන වැඩපිළිවෙලෙහි ප්‍රභල වර්ධනයක් ඇතිවිය. එහි මූලික හිමිකාරයා වූයේ වර්තමාන මුදල් අමාත්‍යවරයාය. එය “දිවිනැගුම ” නම් විය. 2011 වසරේ මාර්තු මස 11 වනදා ආරම්භ වූ “දිවිනැගුම” ක්‍රියාත්මක වූයේ “ඉසුරුමත් නිවහනක් අසිරිමත් මවුබිමක්” යන තේමාව යටතේය.මෙරට මුඩු බිම්, මඩ බිම් , වැලි බිම් මහා ගොවි බිම් බවට පත් කිරීම සිදු වූයේ ග්‍රාමනිළධාරි වසම් හරහාය . 2011 වසරේ මුල් මාස 6-7 ඇතුලත මෙරට එළවළු මිල 60% ත් 80% ත් දක්වා අඩු විය. 2011 පෙබරවාරි මාසයේ රුපියල් 320/= ත් , 350/= ත් වූ අමුමිරිස් කිලෝව 2011අගෝස්තු වනවිට රුපියල් 85/= ත් 90/= ත් අතර මිලකට අඩුවිය.

2011 වසරේ පෙබරවාරි මාසයේ දී රුපියල් 120/= ත් 130/= ත් දක්වා මිල ඉහළ ගිය කරවිල කිලෝව 2011 අගෝස්තු වලදී රු40/= ත් 60/= දක්වා අඩුවිය. එදා දිවිනැගුම රට පුරා පවුල් 2,100,000 කට බීජ ඇට මෙන්ම පැළ සහ කුකුළු පැටවුන් හා පොහොර නොමිලේ ලබා දුනි.

ඒ අනුව දිවිනැගුම වැඩසටහන මෙරට නිදහසින් පසු ක්‍රියාත්මක වූ ඓතිහාසික හා ගෘහ ආර්ථික හා රට අස්වද්දන සුවිශේෂී වැඩසටහනක් බව කෘෂිකර්ම විශේෂඥයන් ඇගයීමට ලක් කලහ.2011 වසරේ වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක කල දිවිනැගුම වැඩසටහනට සමාන ජීවනෝපාය සංවර්ධන හා ආහාර බෝග වැවීමේ නව දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ඉදිරි යළ කණ්නයේදී ආරම්භ කිරීමට , ධරිද්‍රතාවය තුරන් කිරීමට හා ආර්ථික ප්‍රවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකාය සූදානම් වෙයි. මෙම වැඩසටහන ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මකයි .

ඒ සඳහා ජීවනෝපාය සංවර්ධනයට ප්‍රතිපාදන 40% ක් වෙන් කර තිබේ.මෙය සහනාධාර සංවර්ධන වැඩසටහනක් නොවෙයි. තම උත්සාහයෙන් ජීවිතය ජයගන්නට වෙර දරන අපේ කාලයේ උත්සාහවන්තයන්ගේ වැඩසටහනයි. තම ගෙවත්ත අස්වද්දාගෙන හොඳ අස්වැන්නක් ලබා ගන්නා අයට රජය රුපියල් 5,000 ත් 10,000ක් අතර මුදල් ලබා දෙයි. සමෘද්ධි බලකායටද සහයෝගය ලබාදෙමින් ඉටුකරන මෙම ක්‍රියාවලිය දෙස අපි බලා සිටිමු.. සහය දෙමු. හෙට දවසේ සංවර්ධනය කතිකාවක් කර ගනිමු…

රෂිකා සඳමාලි හෙන්නායක Fcebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...