බන්දුලගෙන් මෙවර 3998 ක බඩු මල්ලක්

Date:

සුපිරි සම්බා කිලෝග්‍රෑම් 10 ක් ඇතුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 කින් සමන්විත සහන මල්ලක් සතොස අලෙවිසැල් ජාලය හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම සහන මල්ල අලෙවි කරන්නේ රුපියල් 3998 කට බවයි අද පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

සහල්වලට අමතරව සුදු සීනි කිලෝවක්, රතු පරිප්පු කිලෝවක්, ඉඳිආප්ප පිටි කිලෝවක්, හාල්මැස්සන් ග්‍රෑම් 500ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, මේස ලුණු ග්‍රෑම් 400ක්, පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්), මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්, තුනපහ කුඩු ග්‍රෑම් 100ක්, කහකුඩු ග්‍රෑම් 100ක්, STC තේකොළ ග්‍රෑම් 100ක්, ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්, සතොස සඳුන් සබන් කැටයක්, දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්, සෝයාමීට් ග්‍රෑම් 90ක්, සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්, පපඩම් පැකට් 1ක්, ශල්‍ය මුහුණු ආවරණ 10ක් මෙම භාණ්ඩ මල්ලට ඇතුළත් වේ.

සුපිරි වෙළඳසැලකින් මෙම භාණ්ඩ තොගය මිලදි ගතහොත් අවම වශයෙන් රුපියල් 5771 ක් වැය කිරීමට සිදුවන බව පෙන්වා දෙන වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ, සතොස පාරිභෝගිකයන් වෙත රුපියල් 1750 ක වාසියක් ලැබෙන බවයි.

මෙම සහන මල්ල සතොස වෙළඳසැල් ජාලය හරහා අද සිට මිලදී ගත හැකි වන අතර සතොස අලෙවිසැල් නොමැති ප්‍රදේශවල ජනතාවට අංක 1998 ඇමතීමෙන් භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම් සපයා ඇති බවද ඇමතිවරයා පවසනවා.

නවීන තාක්ෂණය යටතේ දේශීය ව්‍යවසායකයෙකු විසින් සකස් කර අපනයනය කරනු ලබන දියර පොල් කිරි පැකැට්ටුවක්ද මෙම සහන මල්ලට ඇතුළත් කිරීමට හැකියාව ලැබුණු බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ අනුව ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පොල්ගෙඩි දෙකක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්) රුපියල් 150 ක සහන මිලට පාරිභෝගිකයා වෙත නිකුත් කරන බව සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණය යහපත්: අද (01) කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : සබරගමුව, මධ්‍යම සහ...

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

මැලේසියාවට එරෙහිව දෙපැත්තකින් ගොඩ යන තීරණයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරග...