මෛත්‍රී කියන්නෙ කිසිම ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් – ඒක දුව ලියපු පොතෙත් තියනවා !

Date:

කශේරුකවක් තිබේ නම් කශේරුකාවක් තිබෙන බව පෙන්විය යුතු බවත් ඒ සදහා බෝක්කු උඩ, පාලම් උඩ කතා නොකොර ආණ්ඩුවේ කන්ඩායම් රැස්වේම්වල කෙලින් කතා කළ යුතු බවත් කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඊයේ සිය රාජ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යනු කිසිම ප්‍රතිපත්තියක් නැති අයෙක් බවත් ඔහුගේ දියණිය ලියූ ‘ජනාධිපති තාත්තා’ කෘතිය කියවන ඕනෑම කෙනෙකුට ඒ බව තහවුරු කරගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. ප්‍රතිපත්තියක් නොමැති මිනිසුන් ආණ්ඩුවේ තබා ගැනීම ආණ්ඩුව අවදානමේ හෙළීමක් බවද ඔහු පවසනවා.

ආණ්ඩුව නියෝජනය කරන සියලු සාමාජිකයන් සියලු ප්‍රශ්න සාකච්ඡා කර විසඳා ගත යුතු බව පෙන්වා දෙන පියල් නිශාන්ත මහතා පවසන්නේ එසේ කටයුතු කළ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බවයි. වසර හයක කාලයක් සඳහා බලයට පත් වූ ආණ්ඩුවට කොවිඩ් අර්බුදය හේතුවෙන් වසර දෙකක් සම්පූර්ණයෙන් අපතේ හැරීමට සිදු වූ බවත්, ඉදිරි කාලය තුළ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට මිස එක් එක් පුද්ගලයන් සිදු කරන පදනම් විරහිත චෝදනා, විවේචන පිළිබඳව සොයා බලමින් කාලය කා දැමීමට නොහැකි බවත් ඔහු පවසනවා.

විපක්ෂය සන්ධාන සෑදීම පිලිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂය කුමන සන්ධාන සෑදුවද විපක්ෂයේ පිරිස පිලිබඳව බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන අති බවයි. ආණ්ඩුව සිදුකරන දේවල් වැරදි නම් පදනම් විරහිත චෝදනා නොකට අදාල චෝදනාවට විකල්ප ඉදිරිපත් කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

ළිං මැඩියන් සේ නොඉද ලෝකය දියුණු යැයි සම්මත රටවල ආර්ථිකයට සිදුව ඇති දේද විමසිලිමත්ව බලන ලෙසත් එවිට මෙරට තත්ත්වය කෙතරම් හොඳද යන්න වැටහෙනු ඇති බවත් බඩු මිල සම්බන්ධයෙන් නැගුනු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...