*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දේවස්ථානයේ බෝම්බ සිද්ධිය පසුපස මහමොළකරුවෙක් ඉන්නවා. අපි එයාව ඉක්මණින්ම අල්ලනවා – පොලිස් ඇමති

ඇපලෝ රෝහලේ බෝම්බ සිදුවීම හා දේවස්ථානයේ බෝම්බ සිදුවීම කාගේ හෝ කුමන්ත්‍රණයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

එය රජය අපහසුතාවට පත්කිරීමට කළ දෙයක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එම මහමොළකරු ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවද වීරසේකර මහතා කියා සිටියි.

කෙසේවෙතත් පොලීසිය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය පළුඩු නොවන ආකාරයට කතා කළ යුතුව ඇති බවද ඔහු සඳහන් කරයි.

බොරැල්ල දේවස්ථානක තිබී සොයා ගැනුණු බෝම්බයට අදාළ පොලිස් පරීක්ෂණ ගැන ඊයේ දින අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මාධ්‍ය හමුවකදී පැවසුවේ පොලීසියට මෙම පරීක්ෂණ නිසිලෙස කළ නොහැකි නම් යුනිෆෝම් ගලවා ගෙදර යන ලෙසයි.

අගරදගුරු හිමිපාණන් වහන්සේගේ එම ප්‍රකාශයටයි මහජන ආරක්ෂක ඇමතිවරයා අද ප්‍රතිචාර දක්වා තිබුණේ.

”අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා. ඒක තියපු කෙනාම තමයි එක රපෝත්තු කළේ. මෙතැනත් මේ බෝම්බෙ තියපු එක්කෙනාම තමයි ඒ පියතුමාට රපෝත්තු කළාට පස්සේ හැන්දෑවේ 5ට පමණ පොලිසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියලා. ඊටපස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ කිව්වා”.

“ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බෙ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කූරක් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුලේ ටේප් තිබුණා හඳුන්කූරු තිබුණා ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම. පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක් කියල තමයි මට අහන්න තියෙන්නේ. ඒක හින්දා එහෙම කරන්න නරකයි. උදේ පාන්දර නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි උදව් කරන්න ඕන අපිට ඒ පුද්ගලයා අල්ලන්න”.

“ඒ රහස්‍ය තොරතුරු අපි තියාගෙන ඒ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් විතරයි. ඒවා ඉවරවෙන්න කලින් කවුරුහරි මාධ්‍ය වෙත නිකුත් කරනවානම් ඒක සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක්. ඒ වගේ දේවල් කරන්න එපා කියල අපි කියා සිටිනවා. පොලිසිය කෙරෙහි විශ්වාසය තියන්න. පොලිසිය තමයි චිරාත් කාලයක් මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කළේ. පොලිසියක් නැතුව එහෙම කරන්න බෑ. ඒ විශ්වාසය කඩවෙන විදියට අපි කවදාවත් වැඩකරලා නෑ. CCTV දර්ශන සවස 3 ඉඳල බැලුවේ ඉක්මනට අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඕන නිසා. මේක 5ට රිපෝට් කළේ. එහෙම කියල පොලිසිය උදේ ඒවා බලන්න එපැයි කියල නෑ. පොලිසිය උදේ තියෙන CCTV දර්ශන විනාශ කරන්න කියල නෑ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවානම් ඒවා පොලිසියට දන්වන්න ඕන”.

“අනිත් එක පරීක්ෂණ පටන් අරන් තාම දවස් දෙකයි. මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි. පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. මේ රජය අපහසුතාවයට පත්කරන්න, පොලිසිය හමුදාව අපහසුතාවයට පත්කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහමොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා. තමන් බෝම්බය තියලා තමන්ම ඒක කියන්නේ රටේ අනාරක්ෂිත භාවයක් තියෙනවා කියලා පෙන්නන්න කරන වැඩක්”. යනුවෙන් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan