පළාත් පාලන මැතිවරණයට ටිරාන්ගේ ජංගම දුරකථන පක්ෂයත් එයි (VIDEO)

Date:

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් මහජන පක්ෂය (UPP) තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක චමින්ද ගුණසිංහ පවසයි.

එක්සත් මහජන පක්ෂයේ මහලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය. එම පක්ෂයේ ඡන්ද ලකුණ වන්නේ ජංගම දුරකථනය යි.

උතුරු නැගෙනහිර ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා තම පක්ෂය තරග වදින බවත් ජනප්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් රැසක් තම පක්ෂයෙන් මෙවර ඉදිරිපත් වීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බවත් එක්සත් මහජන පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක චමින්ද ගුණසිංහ සඳහන් කළේය.

එසේම අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාරගැනීම සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අපේක්ෂක අයදුම්පත සඳහා මෙතැනින් සම්බන්ධ විය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...