යුධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ක්‍රමිකව විශාල ප්‍රතිශතයකින් අඩුකිරීමට සැලසුම්

දැනට ලක්ෂ දෙකක් වශයෙන් පවතින ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයින් සංඛ්‍යාව ලබන වසර වනවිට එක් ලක්ෂ තිස්පන් දහසක් දක්වා අඩුකිරීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

“මේ රටේ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුමත සංඛ්‍යාව 200,783 යි. 2024 වසර වනවිට අපි ශ්‍රී ලංකා යුද හමුදාවේ මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000 දක්වා අඩුකරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව 2030 වනවිට අපේ හමුදාව 100,000 ක පමණ ප්‍රමාණයකින් පවත්වාගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. ඒක කරුණු හදාරලා අවබෝධයෙන් අවධානයෙන් ගත්තු තීරණයක්.

ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් එකම කාසියක දෙපැත්ත. ජාතික ආරක්ෂාවට ඕනෑම රටක් ප්‍රමුඛත්වය ලබාදෙනවා. ඒ අනුව ඕනෑම රජයක් අයවැයකින් වැඩිම මුදලක් ජාතික ආරක්ෂාවට වෙන් කරන්නේ ඒ ප්‍රමුඛතාවය සලකලා. ජාතික ආරක්ෂාව පවතිනතාක් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් අපි රජයක් හැටියට හැමවිටම ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා”

යුද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව අඩු කළ ද එය කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...