සෞභාග්‍ය උදාකරන්න සහභාගීත්ව ක්‍රියාවලියෙන් සහය දෙන්න – විපක්ෂ නායක ඉල්ලයි

Date:

කොළඹ LNW:සහභාගීත්ව ක්‍රියාවලිය තුළින් වඩාත් යහපත් යෝජනා හා අදහස් ඉදිරිපත් කර රටට සෞභාග්‍ය උදාකරලීම සඳහා විපක්ෂයෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ඉදිරි අයවැය විවාද සතියේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් දැනුවත් කරමිනි.

සෞභාග්‍ය සම්පන්න රටක් ගොඩ නැගෙන්න නම් නිවැරදි ප්‍රතිපත්තීන් නිර්මාණය විය යුතු බවත් ඒ සඳහා පහළින් ඉහළට ගලා යන ජනතා අදහස්,යෝජනා, චින්තන, දර්ශන මුදුන් පත් කර ගත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයකට ප්‍රවේශ විය යුතු බවත් ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා පසුවිපරම යන අංශ ගණනාවක් තුළින් යහපත් දේශයක් උදෙසා කාර්යභාරය ඉටු කිරීම විධිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

මේ සඳහා සක්‍රීය දායකත්වය, කැපවීම, වගකීමෙන් දත්ත තොරතුරු සහිත කරුණු කාරණා හා යෝජනා අවශ්‍ය බවයි ඔහු කියාසිටියේ.

එබැවින් සෑම මසක ම පාර්ලිමේන්තුව දින 4ක් රැස්වන බවත් එම දින 4 විවාදයට ගන්නා කරුණු කාරණාවලට සක්‍රීය දායකත්වය, සහභාගීත්වය අවශ්‍ය බවත් එහි දී ප්‍රතිපත්තිමය ක්‍රියාදාමය වඩාත් ශක්තිමත් කර සහභාගීත්ව ප්‍රතිපත්ති සම්පාදනයේ පෙරමගකරුවන් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

දත්ත හා තොරතුරු මත පදනම්ව සියලු තර්කයන් ඉදිරිපත් කරන ලෙසත් ආණ්ඩුව කරන කියන දේවල් තර්කානුකූලව විග්‍රහ කළ යුතු බවත් ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නැඟිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රාජ්‍ය අංශයේ වැඩකරන ජනතාව මෙන්ම පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවගේ හඬ ද නියෝජනය විය යුතු බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...