ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගැනීම 19 වෙනිදා

Date:

අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා වැඩ භාරගනු ඇති බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී තිබුණු පී. බී. ජයසුන්දර මහතා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයෙන් නිල වශයෙන්ම ඉවත්ව ගියේය.

ඒ අනුව ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා සිට ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ඇත.

ගාමිණී සේදර සෙනරත් මහතා යනු ශ්‍රී ලංකා පරිපාලන සේවයෙහි හසල අත්දැකීම් ඇති විශිෂ්ඨ පළමු පෙළ නිලධාරියෙකි. කැළණිය විශ්ව විද්‍යාලයේ සිය පළමු උපාධිය හදාරා ඇති ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇත්තේ 1984 වර්ෂයේදී ය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇති ඔහු විදේශ අධ්‍යන පාඨමාලා රැසක් ද හදාරා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරණ සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා 2019 නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

විශේෂයෙන්ම ඉහළ මට්ටමේ මහජන සම්බන්ධතා හැකියාවක් සහිත ගාමිණි සෙනරත් මහතා පසුගිය සමය තුළ ජනාධිපති කාර්යාලය සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර ඇතිවූ තිබුණු දුරස්ථභාවය සමනය කර වඩාත් යහපත් මට්ටමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සකස් කරනු ඇති බවටයි දේශපාලන ක්ෂේත්‍රයේ විශ්වාසය පළවී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...