ඩොලර් මිලියන 400 ක ක්‍රිප්ටොකරන්සි ගිල දැමූ උතුරු කොරියානු හැකර්ලා

Date:

උතුරු කොරියානු හැකරුන් විසින් 2020-2021 වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වටිනා ක්‍රිප්ටොකරන්සි සොරකම් කර ඇති බව හෙළිදරව් වේ.මේ බව, බ්ලොක්චේන් විශ්ලේෂණ ජාලයක් වන Chainalysis විසින් අනාවරණය කෙරිණි.

මෙම ඩිජිටල් වත්කම් සම්භාරය, පරිගණක පද්ධති වෙත අනවසරයෙන් පිවිසීම මගින් සිදුකිරීමේදී ඔවුන් විසින් අවම වශයෙන් හැකර් ප්‍රහාර 7 ක් පමණ එල්ල කර තිබේ.

ඒ, උතුරු කොරියානු හැකරුන් පසුගිය වසරවල සිදුකළ ඩිජිටල් වත්කම් සොරකමට වඩා 40%ක ඉහළ යාමකි.

මේ අනුව 2021 වසර, උතුරු කොරියාවේ ‘සාර්ථකම හැකර් ප්‍රහාර එල්ල කළ වර්ෂය’ බවට ද පත්ව තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් සැක පළ කරන්නේ, මේ අන්දමින් සොරකම් කළ වත්කම්, උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සඳහා යොදවන බවට යි.

පසුගිය වසරේදී ඇමරිකා එක්සත් ජනපදය, හොලිවුඩ් චිත්‍රාගාරවල බැංකු ගිණුම්වලින් ඇ.ඩො. බිලියන 1.3 ක මුදල් සහ ක්‍රිප්ටොකරන්සි සොරකම් කිරීම අරමුණු කරගත් උතුරු කොරියානුවන් තිදෙනෙකුට නඩු පැවරීය.

ඔවුන් පරිගණක විශේෂඥයන් වශයෙන් සේවය කරමින් සිටි අය වූ අතර, වසරකටත් වඩා වැඩි කාලයක් කල් යල් ගනිමින් මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බව ද හෙළි විය.

Liquid.com වැනි ප්‍රාථමික ආයෝජන ජාල හා විනිමය ජාලවලට පසුගිය අගෝස්තු මාසයේදී අනවසර පරිශීලකයෙකුට ප්‍රවේශ පහසුකම් ලැබී ඇති බවට ද මේ අතර පසුගිය අගෝස්තුවේදී අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණි.

හැකරුන් විසින් phishing lures, code exploits, malware සහ advanced social engineering වැනි තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් ගිණුම්වලින් මුදල් සොරාගෙන ඒවා උතුරු කොරියාවේ ලිපිනයක් වෙත අති සූක්ෂම ලෙස මාරු කර තිබිණි.

ලාසරස්ලා

පසුගිය වසරේ ලාසරස් ගෲප් – Lazarus Group නමැති හැකින් කණ්ඩායමක් ඇමරිකාවේ තහනමට ලක් වූ ආකාරය ඔබට මතක ඇති. පසුව හෙළි වූයේ මෙම හැකරුන් උතුරු කොරියාවේ ප්‍රධාන රහස් ඔත්තු බියුරෝවේ කොටසක් බවයි. එම උතුරු කොරියානු රහස් ඔත්තු සේවා බියුරෝව නිල වශයෙන් හැඳින්වෙන්නේ Reconnaissance General Bureau යනුවෙනි.

ඔවුන් විසින් “WannaCry” නමැති රැන්සම්වෙයා ප්‍රහාරය එල්ල කරමින් අන්තර්ජාතික බැංකු ගිණුම් සහ පාරිභෝගික ගිණුම් මංකොල්ල කා තිබිණි. 2014 වසරේ Sony Pictures Entertainment වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරවලට ද වගකිව යුත්තේ මොවුන් බව සොයාගෙන ඇත.

උතුරු කොරියාව විසින් 2017 වසරේ සිට 2021 වසර අතර කාලය තුළ සයිබර්/හැකර් ප්‍රහාර මගින් සොරකම් කළ ඇ.ඩො. මිලියන 170 ක ක්‍රිප්ටොකරන්සි වත්කම්, තවමත් විශුද්ධිකරණයට ලක් නොකර, වෙන වෙනම ස්ථාන 49 ක රඳවා තබාගෙන සිටින බව ද වාර්තාවෙන් කියැවේ.

මෙතරම් දීර්ඝ කාලයක් මෙම ක්‍රිප්ටොකරන්සි ඔවුන් විසින් කළු සල්ලි සුදුකර පාවිච්චි කිරීමකින් තොරව රඳවා තබාගෙන සිටින්නේ, පරිස්සම්කාරී හා අනපේක්ෂිත සැලසුමක් ක්‍රියාවට නැංවීමට විය හැකි බව ද චේන්ඇනලිසිස් පර්යේෂකයෝ පවසති.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද ?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන...

අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රශ්නය සහ නැවත මේවා නොවන්නට යෝජනා ….

බන්ධනාගාරයක සිරකරුවන් දෙජාතියක් ඉන්නවා. 01.රිමාන්ඩ් සිරකරුවන් හෙවත් රක්ෂිත භාරයට පත්...

ට්‍රම්ප් ජාතික ආරක්ෂක භටයන් 4,000ක් හා මැරීන් භටයන් 700ක් ලොස්ඇන්ජලීස් විරෝධතා වෙත යොදවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

කන්ටේනර් 323ක් පරීක්ෂාවෙන් තොරව නිදහස් කිරීමේ සිද්ධිය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය ජනවාරි මාසයේ රේගුව විසින් රතු...