Friday, March 31, 2023
spot_img

Latest Posts

ටෙනිස් ශූර නොවැක් ජොකොවික් රැඳවුම් භාරයට – නඩුව හෙට

ලෝකයේ අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික් රැඳවුම් භාරයට ගෙන තිබේ.මෙය සිදු කර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු දේශසීමා බලධාරීන් විසිනි.

ඒ, ඉරිදා දිනයේ එනම් හෙට, ඔහුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට අදාළ අභියාචනාව විභාගයට ගැනීමට අදාළව ය.

සෞඛ්‍යමය හේතු මත මෙන්ම නොවැක්ගේ තරග සහභාගිත්වය මහජන සුබසිද්ධියට හේතු වේ ය යන කරුණු මත පදනම් ව ඔහුගේ වීසා නඩුවට අභියාචනය කිරීමට නීතීඥයෝ බලාපොරොත්තු වෙති.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගි වීම සදහා මෙල්බන් නුවරට පැමිණ සිටි නොවැක් ජොකොවික්, සිය වීසා අයදුම්පතේ දින 14කට පෙර කිසිදු සංචාරයක් සිදුකර නොමැත යනුවෙන් ව්‍යාජ තොරතුරු සඳහන් කර තිබිණි.

කෝවිඩ් එන්නත් ද ලබාගෙන නොසිටි මෙම 34 හැවිරිදි සර්බියානු ජාතික ටෙනිස් ශූරයා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ එරට ටෙනිස් සම්මේලනයේ විශේෂ අවසරයක් මත ය. නමුත් උද්ගතව ඇති තත්වය මත ඔහුට තරගාවලියට සහභාගි වීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි.

මේ වන විට නොවැක්ගේ වීසා දෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබේ.

මීට පෙර ඔහු පිටුවහල් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහුව මුදා හරින ලෙසයි.

නමුත් අද දිනයේදී ඔහුව රැඳවුම් භාරයට ගත යුතු බව ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබුණේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඔහුගේ අභියාචන නඩුවට සමගාමීව ය.

මේ අතර, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය හෙට දිනයේ ආරම්භ වේ.

පෙර ලිපිය

ටෙනිස් ශූර නොවැක් ජොකොවික් පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙන් නියෝගයක්!

AMALI JAYAWEERA – OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.