වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව වාර්ථාගත ආදායමක් ලබයි !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

ඊයේ (30) සවස වන විට ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම රුපියල් ට්‍රිලියන 02ක කඩඉම ඉක්මවා ඇති බව වාර්තා වේ. 2025 වසර සඳහා ලැබී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 2.115 වෙත ශ්‍රී ලංකා රේගුව සාර්ථකව ළගා වෙමින් පවතින බව පැවසේ.

ඉතිහාසයේ රජයේ බදු ආදායම් එකතු කරන දෙපාර්තමේන්තුවක් විසින් වසරකදී එකතු කරන ලද වැඩිම ආදායම සනිටුහන් කරමින් රේගුව මෙම වාර්ථාගත ආදායම ලබා ඇති අතර,මේ ආදායමට මෝටර් රථ වලින් ලබා ගත් රුපියල් බිලියන 630ක් අන්තර්ගත වී ඇත.

වසර අවසාන වන විට ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 300 ක් පමන අතිරේකව එක්‍ රැස් කරගත හැකිවනු ඇති බවට විශ්වාස කරන බව රේගුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...