කිමී 10 දිවීමේ විනාඩි 29 බැරියරය බිඳ දැමු පළමුවැන්නිය – කෙන්යාවේ ඇග්නස්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 15 කොළඹ (LNW): කාන්තා කිලෝ මීටර් 10 මාර්ග ධාවන තරගයේ දී විනාඩි 29 සීමාව පසු කර ගිය පළමු කාන්තාව වන්නට කෙන්යාවේ ඇග්නස් ජෙබෙට් න්ගෙටිච් ඊයේ වැලෙන්සියාවේදී සමත්කම් පෑවාය.ඒ් විනාඩි 28.46න් ස්පාඤ්ඤයේ වැලෙන්සියාවේ පැවත්වෙන ජගත් කීර්තියට පත් කිලෝ මීටර් 10 මාර්ග ධාවන ඉසව්ව වන Valencia Ibercaja 2024 කාන්තා අංශයේ ජයග්‍රාහිකාව වෙමින්ය.ඇය එම ජාත්‍යන්තර මාර්ග ධාවන තරගයකදී එම හපන්කම සිඳු කරද්දී පැරණි වාර්තාව වූ ඉතියෝපියාවේ යලේම්ෂර්ෆ් යෙහුවාලෝ පිහිටුවා තිබූ ඒම ඉසව්වේ ලෝක වාර්තාව ලෙස පැවති විනාඩි 29.14 ක වාර්තාව දෙවන ස්ථානය ලැබූ කෙන්යාවේම එමාකියුලේට් අන්යාගෝ විසින් ද ඉක්මවා ගියාය.ඇයගේ වාර්තාගත කාලය විනාඩි 28.57 ක් ගත කළාය.

තවමත් 22 හැවිරිදි ඇග්නස් මේ වාර්තාව අභිබවා යමේ බලාපොරොත්තුවෙන් තරගයට පෙර සිටම ධාවනයේ යෙදෙන බව අදිටන් කර ගත්තාය.එහෙත් ඇය තත්පර 28 න් එම වාර්තාව බිඳින්නට හෝ එය තත්පර 29 බැරියරය බිඳ දමන දිවිල්ලක් වනු ඇතැයි ඇය කිසි විටෙකත් නොසිතුවාය.

පැවති ලෝක වාර්තාව ඉක්ම වූ පළමු වැන්නිය සහ දෙ’වැන්නිය

මං දිව්වෙ වාර්තාවට තමයි.ඒත් මෙච්චර දෙයක් හිතුවෙ නැහැ.”

ඇග්නස් ඒ ඓතිහාසික වාර්තාව ගැන එසේ කියන්නේ එබැවින්ය.

එහෙත් ඇය තරගයට පෙරාතුව වාර්තිව ගැන තබා තිබූ බලාපොරොත්තුවට ළගා විය හැකි බව මීටර් 5000 ඉසව්ව වෙනුවෙන් පවතින විනාඩි 14.13 ලෝක වාර්තාව සම කරද්දී දැන ගත්තාය.

“මීටර් 5000 පසු කරපු වාර්තාගත කාලය එක්ක, වාර්තාවට යා හැකි බව දැන ගත්තට මෙච්චර දෙයක් හිතුවෙ නැහැ”

ඇග්නස්ට විශ්වාස කරන්න අමාරු ඇයගේ වාර්තිවේ දැවන්තකමය.ඉතිහාසය පවතින තුරු ඇග්නස් යනු කිලෝ මිටර් 10 ක් විනාඩි 29 ගෙවෙන්නට මත්තෙන් දිව ඇති පළමු ගැහැණියය.එය කිසිදාක වෙනස් නොවන අමරණීය ඇත්තක්ය.

මෙය ඇග්නස්ට මෙන්ම කෙන්යාවට ද අතිශයින් වැදගත්ය.ඒ පළමු සිව් දෙනාම කෙන්යානුවන් වීම නිසාය.සර්වකාලීන ජගත් දක්ෂතාවයන් ගැන සැළකිල්ල යොමු කරද්දී මෙම තරගයේ පළමු දෙදෙනාට මුල් ස්ථාන දෙක හිමිවන්නා සේ ම,මුල් එකළොස්දෙනා සළකද්දී, ඒ සිව්දෙනාම ඒ අතර සිටීමත් වැදගත්ය.තෙවැන්නා වූ කෙන්යානු ජාතික ලිලියන් කාසිත් රෙන්ගෙරුක් වාර්තා කළ කාලය සර්වකාලීන කිලෝමීටර් 10 මාර්ග ධාවන තරග ඉතිහාසයේ සිව්වන කැනට වැටෙන විනාඩි 29.32 ක් විය.එම ලැයිස්තුවේ 11 වන තැනට වැටෙන්නේ මේ තරගයේ සිවිවන තැන දිනූ කෙන්යාවේ ජෙනෙත් චෙපෙන්ගෙටිච් වාර්තා කළ විනාඩි 29.55 ක කාලය ය.

ඇග්නස් 22 හැවිරිදි වීම මෙන්ම අන්යාගෝ 23 හැවිරිදි වීම ද කෙන්යාවේ අනාගත දුර දිවීමේ ජයග්‍රහණ රදා පවත්නා බවට දුන් ඉඟියක්ය.තෙවන තැන ගත් ලිලියන්ට ද 26 ක් පමණි.සිව්වැනි තැන ගත් ජෙනෙත් තවමත් 25 හැවිරිදි ය.ඒ අනුව මේ සිව්දෙනාම දුර ධාවනයේ තව කාලයක් පෙරළි කරනු ඇත.

ස්පාඤ්ඤයේ වැලේසියානු බිම ද, රාජකීය ස්පාඤ්ඤ ජාතිකයෙකු නොවුණ ද,කෙන්යාවේ ඇග්නස් ජෙබෙට් එන්ගෙටිව් අතින් ද ඓතිහාසික ස්ථානයක් බවට පත් වි ඇත.22 හැවිරිදි කෙන්යානු ජාතික ඇග්නස්ගේ නම මේ වාර්තාව සමඟ සදාකාලික වන්නාසේ ම,ඇය සිය දෙපයේ ජවය වාර්තාකාරි ලෙස මෙහෙය වූ භූමිය හැටියට ස්පාඤ්ඤයේ වැලෙන්සියාව ද සදාකාලික කීර්තියේ උරුමයේ හිමිකරුවෙක් ලෙස ඇග්නස්ගේ නම ඉදිරියෙන් සටහන් වීම ද පවතිනු ඇත.

මේ සමඟ පැවති පිරිමි තරගයේ ජයග්‍රහණය හිමි වූයේ උගන්ඩාවේ ජාකොබ් කිප්ලිමෝ ට ය.ඔහු වාර්තා කළ කාලය විනාඩි 26.48 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...