අල්ලස් චෝදනාව ඔප්පු වෙයි.වියට්නාම හිටපු මහාචාර්ය සෞඛ්‍ය ඇමතිට වසර 18ක සිර දඬුවමක්!

Date:

කොළඹ LNW: වියට්නාම හිටපු සෞඛ්‍ය අමාත්‍ය Nguyen Thanh Long වෙත වසර 18ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ල වූ චෝදනාව වන්නේ කොරෝනා සමයේ එම පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට මිලදී ගැනීමය.

ඒ අනුව ඔහු අදාළ නිෂ්පාදන සමාගමෙන් ඩොලර් මිලියන 2.25ක අල්ලසක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එම ඇන්ටිජන් වංචාවට සම්බන්ධ අදාළ ව්‍යාපාරිකයා සම්බන්ධයන් ද නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ඔහුට වසර 29ක සිර දඬුවමක් නියම කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිය වරද අධිකරණයේදී පිළිගෙන ඇති අතර ”මම වැරදියි මට සමාවෙන්න” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

Nguyen Thanh Long වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකුද වෙයි.

ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස 2020 ජුනි මස පත්වන අතර 2022 ජුනි දක්වා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.

2022 ජුනි 07 වැනිදා එරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විමර්ශන දෙපාර්තමේන්තුව මෙම ඇන්ටිජන් වංචාව සම්බන්ධයෙන් විමර්ශනය ප්‍රකාශයට පත්කර තිබුණි.

Viet A Technology Corp නමැති සමාගම සමඟ එක්වයි එම වංචාව සිදුකර ඇත්තේ.

ඒ අනුව පසුගිය 12 වැනිදා එම නඩුවේ තීන්දුව ලබා දෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට උක්ත දඬුවම නියම කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...