ෆේක් බ්‍රෑඩ් පිට් ට අහුවුණු ප්‍රංශ යුවතියක්!

සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රැඩ් පිට් යනු දක්ෂ ඇමෙරිකානු රංඟනශිල්පියෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඕනෑම ප්‍රසිද්ධ පුද්ගලයෙක් සමඟ සම්බන්ධතාවයක් පවත්වන්නට අදකාලේ යුවතියන් පොරකන යුගයක ආදරබස් දොඩා ඔවුන් මුලා කිරීම සුලබ කාරණාවක් වී හමාරය.

ප්‍රංශ අභ්‍යන්තර මෝස්තර ශිල්පිනියක වන ඈන් නම් මැය ෆේක් බ්‍රැඩ් පිට් සමඟ පෙම් සබඳතාවක් පටන් ගෙන ඇත්තේ මෙවන් කාල වකවානුවකය. ඔහුට පිළිකා ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් €830,000ක් පමණ මුදලක් මැයගෙන් වංචා කිරීමට ඒ ජාවාරම්කරුවන් සමත්ව ඇත්තේ බ්‍රැඩ් පිට් ලෙස සැකසූ ව්‍යාජ ඡායාරූප ද සහිතවය.

53 හැවිරිදි ඈන් මෙලෙස මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම පිළිබඳව TF1 හි ප්‍රංශ රූපවාහිනී වැඩසටහනක් වන Sept à Huit හි විකාශනය කළ අතර එහිදී ඇය බ්‍රැඩ් පිට් ලෙස පෙනී සිටි අයට ඇය හසු වූ ආකාරය පිළිබඳවද හෙළි කළාය. ඔවුන් ව්‍යාජ සමාජ මාධ්‍ය සහ කෘත්‍රිම බුද්ධි රූප නිර්මාණය කිරීමේ තාක්ෂණය යොදාගෙන මෙම වංචාව ඉතා සූක්ෂමව සිදු කරන ලද්දකි.

ඈන් තවදුරටත් පැවසුවේ, පිට්ගේ මව වන ජේන් එටා පිට් යැයි කෙනෙකුගෙන් ද ඇයට පණිවිඩ ආ බවයි.

පෙම උඩුදුවා ඇය වෙත සුඛෝපභෝගී භාණ්ඩ තෑගි ලෙස එවීමට මෙන්ම ඒ සඳහා යම් ගාස්තු අයකිරීමක් ද ගෙවීමට සිදුවන බව ද මේ වංචාකරුවන් පවසා තිබේ.

අවසානයේදී, ඔවුන් කෘතීම බුද්ධිය ඇසුරෙන් නිම වූ, බ්‍රැඩ් පිට් වකුගඩු පිළිකාවක් වැළඳී රෝහල්ගතව සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා ඈන්ට එවන ලදී. පිට්ගේ සැබෑ ජීවිතයේ හිටපු බිරිඳ ඇන්ජලිනා ජොලී ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවා ඇති බව පවසා ඔහුට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය වන බවද ඔවුන් පවසා තිබේ.

https://twitter.com/alertesinfos/status/1878749872624677363?s=46

කෘතීම බුද්ධියේ අඳුර කෙමෙන් කෙමෙන් ලඟා වෙන බවට දැන් ඔබට ද මටද නොරහසකි. අද ඈන් වගේ හෙට ඔබ ද මෙවැනි වංචාවන්ට හසුවීමට හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...