ඇමති නලින්දගේ පුද්ගලික ලේකම් වෛද්‍ය ස්ථාන මාරුවකට අතදාලා !

Date:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන මානසික වෛද්‍ය විශේෂඥවරියකට මුලතිව් දිස්ත්‍රික් රෝහලට ලැබී ඇති මාරුවීමක් අවලංගු කර ඇයට නැවතත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට හෝ ආසන්න රෝහලකට පත්වීමක් ලබාදෙන ලෙසයි අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

දේශපාලන අතපෙවීම් පිටුදකින බව පවසමින් බලයට පැමිණි වත්මන් රජයේ බලධාරීන් විසින් ද මෙවැනි ක්‍රියා සිදුකිරීම සමාජ මාධ්‍ය තුළ බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබෙනු දැකගත හැකි ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...