සජිත්ගෙන් නව පර්යේෂණ ඒකකයක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාවේ ගුණාත්මක බව ඉහළට ගෙන ඒම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ පොදු මහ ජනතාවගේ අදහස් ලබා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව පර්යේෂණ ඒකකයක් ඊයේ (15) ආරම්භ කළේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට අනුබද්ධිත මාධ්‍ය සහ පර්යේෂණ ඒකකයක් ලෙස ස්ථාපිත කර ඇති අතර 0759570570 වට්ස්ඇප් අංකය සහ [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ මහ ජනතාවට තොරතුරු ලබා දිය හැකියි.

එම කාර්යාලය පවසන්නේ මෙවර 2025 අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විවාදය සහ කාරක සභා අවස්ථාවේදී සාධනීය තොරතුරු ලබා ගැනීම පර්යේෂණ ඒකකයේ මූලික අරමුණ බවයි.

පාර්ලිමේන්තුව තුළ නිවැරැදි තොරතුරු මත විවාදවලට දායක වීමේ වැදගත් බවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහභාගිත්ව ක්‍රියාවලිය වැදගත් බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දෙන ලදී.

එසේ ම ‘අය – වැය විවාදයේදී පුරවැසි ඔබේ අදහසට ඉඩක් දෙන්නට විපක්ෂයේ අපි සූදානම්’ මැයෙන් අය-වැය විවාදය පවත්වන අවස්ථාවේදී මහජන අදහස් ලබා ගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලය මඟින් සමාජ මාධ්‍ය ජාලා යෙදවුම්වලට නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කළ බව විපක්ෂ නායක කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...