ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් රුපියල් මිලියන 12.3ක මුදලක් මහ භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කර තිබේ.

මහා භාණ්ඩාගාරයට එම මුදල ලබාදීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. අබේසිරිවර්ධන විසින්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වෙත එම මුදල පරිත්‍යාග කළ අතර, නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යංශ ලේකම් එස්. එම්. පියතිස්ස සහ එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්) මොහාන් පෙරේරාද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර මට්ටමෙහි වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සේවාවන් ලබා දෙමින්, රට පුරා පෞද්ගලික අංශයේ සියලු කර්මාන්තශාලා, වැඩබිම්, සේවා ස්ථානයන්හි සුරක්ෂිතතා සහ යහපත් සෞඛ්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමත්, විවිධ සමාජ ආරක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමත් මෙම ආයතනය මඟින් ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. අබේසිරිවර්ධන පවසයි.

එම අරමුණු පෙරදැරි කර ගනිමින්, සහතික පත්‍ර පාඨමාලා, එක් දින – දෙ දින වැඩමුළු, සම්මන්ත්‍රණ, කෙටි කාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ අය කිරීමක් මඟින් පවත්වන බවත්, සේව්‍ය – සේවක දෙපාර්ශ්වයම දැනුම්වත් කරමින් සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය පිළිබඳව වෘත්තීමය වශයෙන් දැනුම්වත් කිරීම්, පුහුණු කිරීම්, කර්මාන්තශාලාවල භාවිතයට ගන්නා යන්ත්‍ර සූත්‍රවල ආරක්ෂාකාරී තත්වය වැඩි දියුණු කිරීම, නිසි ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ආවරණ නිර්මාණය කිරීම ඇතුළු කටයුතු ගණනාවක් මෙම ආයතනය මඟින් සිදු කරන බවද ඔහු මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

වෘත්තීය සුරක්ෂිතතා පාඨමාලා සහ පාරිසරික ගිණුම් සේවා සැපයීම, මගින් උපයා ගන්නා ලද මුදලින් වියදම් පියවා අතිරික්ත 30% මුදලක් මෙසේ මහ භාණ්ඩාගාරය වෙත ලබා දීම කම්කරු අමාත්‍යාංශයේ දි සිදු කරන ලදි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...