සමගි විහිදුම් බලගණයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

Date:

වසර 2 කට පෙර අවස්ථා දෙකකදී ජනතා තීන්දුව අභියස තමන් පසුබෑමට ලක්වූ බවත්, එහි ප්‍රතිඵල අවාසනාවන්ත ලෙස අද භුක්ති විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) රත්නපුරයේ පැවති සමගි විහිදුම් බලගණයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ජනතාව ලබාදුන් වෙනසෙන් පාලකයින්ට පාඩුවක් වී නැති බව එහිදී පැවසූ විපක්ෂ නායකවරයා පාලකයින් සුර සැප විඳින බවත් ජනතාව මහ පාරේ ලතවෙමින් පෝලිම්වල දුක් විඳිමින් පීඩා විඳින බවත් පෙන්වා දුන්නේය.

මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ගමන වැරදි බව ලෝකයේම ආර්ථික විශේෂඥයින් කියන විට ආණ්ඩුව ඒ කිසිවක් මායිම් නොකළ බවත්, සුපුරුදු වැරදි ගමනේම ආණ්ඩුව යන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට ඇද වැටුණු අතර අද ලෝකයේ කිසිදු රටකින් හරිහමන් ණයක් ගැනීමටවත් බැරි තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද වනවිට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහල අඩියටම වැටෙමින් සිටින තත්වයක් තුළ මේ රටට ආයෝජකයින් කිසිවකු නොපැමිණෙන බවත්, අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ඒ මහතා පැවසීය. එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ,අත්‍යාවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, ඉන්ධන හෝ ගෙන්වා ගැනීමටත් නොහැකිවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කයිවාරුකාර සූරවීර ආණ්ඩුවේ ඒ ඒ විෂයන් භාර ඇමතිවරු තම තමන් කරන දේ කුමක්දැයි කියාවත් නොදන්නා බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ ඇමතිවරුන් අද වන විට රටම අඳුරේ තබන්නට සමත්ව ඇතැයි ද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...