පැය 04 ක විදුලි කප්පාදුවකට සුදානම් වෙන්න – විදුලි ඉංජිනේරුවන් ජනතාවට කියයි

Date:

විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඉදිරියේදී දෛනිකව පැය 04 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. පැය 04 ක විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එසේ වුවහොත් විදුලිබල මණ්ඩලය තවත් අර්බුදයට යන බවත් එම සංගමය පවසනවා.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසන්නේ දැනට විදුලිබල මණ්ඩලය සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් පමණක් බවයි. එම ප්‍රමාණය දින 03 ක විදුලි උත්පාදන කටයුතු සඳහා පමණක් ප්‍රමාණවත් වන අතර මණ්ඩලය සතු දැවිතෙල් දින 22 කට පමණක් ප්‍රමාණවත් වන බවද කුමාරවඩු මහතා සඳහන් කරනවා.

ජල විදුලි උත්පාදන කටයුතු ද මේ වනවිට පහත වැටී ඇති අතර කෘෂිකාර්මික කටයුතු, පානීය ජල අවශ්‍යතා, පාරිසරික අරමුණු සඳහා ජලාශ සතු ජලය කළමනාකරණය කිරීමේදී විදුලි උත්පාදනය සඳහා යොදාගත හැකි ජල ප්‍රමාණය අවම වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ දැනට විදුලි නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ජල ප්‍රමාණය අඛණ්ඩව නිකුත් කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවයි.

මේ වනවිට ගල්අඟුරු භාවිතා කර විදුලිය නිෂ්පාදනයද අර්බුදයට ගොස් තිබේ. විටින් විට නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බිඳවැටීම් මෙන්ම ගල්අඟුරු තොග සපයා ගැනීමේ අර්බුදයකටද විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...