ජනතා මුදල්වලින් වැටුප් ගන්න අය හරියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදින්නේ – ප්‍රසන්න රණතුංග

Date:

ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ලබන වැටුපට සාධාරණය ඉටු කිරීම ඔවුන්ගේ වගකීමක් බවද ඇමතිවරයා සඳහන් කරනවා.

ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘දේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා. මේක මගේ තාත්තා මට කියලා දුන්නු දෙයක්. අද මම මේ ඇමති කෙනෙක් විදිහට මේ වරප්‍රසාද ලබන්නේ ජනතාවගේ මුදල්වලින්. මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතාවගේ මුදලින්. ඒ නිසා මම නම් මට කළ හැකි උපරිම සේවය රට වෙනුවෙන් කරනවා. හැමවිටම කටයුතු කරන්නේ මගේ හෘදසාක්ෂියට එකගවයි. ඔබත් අද සිට ඔය ගන්න වැටුපට සාධාරණය ඉටු කරන්න. හුග දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. ජනතා සේවය නිසි පරිදි ඉටු වන රාජ්‍ය යාන්ත්‍රණයක් සැකසිම සදහා කැපවෙන්න. ඒක ඔබේ යුතුකමක් හා වගකීමක්.’

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...