*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

‘ණය උගුල දකින්නට නම් ලංකාවට යන්න!”- ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා

‘ණය උගුල’ (debt trap) චීන විශේෂඥතාවයකි. නමුත් ඔබ ‘ණය උගුල’ක් හඳුනාගන්නේ කෙසේද?මූලික වශයෙන් ණය උගුලක් යනු නිමක් නැති ණය කන්දකි. පවතින ණය ගෙවීම සඳහා නැවත නැවතත් ණය ලබාගැනීමකි. ණය මත ණය ලබාගැනීමකි.

මෙය සංකීර්ණ යැයි පෙනෙනවා නම්, සරල විසඳුමක් මෙන්න! ලංකාව දෙස බලන්න. ලංකාව ණය උගුලට හසු වූ රටකි.

ශ්‍රී ලංකාව මේ වසර අගදී අති දැවැන්ත ණය කන්දරාවක් ගෙවිය යුතුය. මේ වසරේ ගෙවීමට නියමිත ඩොලර් බිලියන 4.5 අතරින් ඩොලර් මිලියන 500 ක් ලබන සතියේ ගෙවිය යුතුය.

නමුත් ශ්‍රී ලංකාවට මෙය ආපසු ගෙවීමට විදේශ සංචිත නොමැත. එනිසා ශ්‍රී ලංකාව කරන්නේ කුමක්ද? චීනයෙන් තවත් ණය ගැනීමයි!

ලංකාව මේ වන විට චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණයට ගෙන තිබේ. දැන් තව වැඩිපුර ණය ගැනීමට ලංකාවට උවමනා ය.

මේ තීරණයට පසුබිම කුමක්ද?

භූ දේශපාලන ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

මෙය ‘භූ දේශපාලන ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය’යි. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය යනු, පීඩකයාට පෙම් බැඳීමයි. ඉන්දියානු සාගරයේ භූ දේශපාලනයේ චීනය සහ ශ්‍රී ලංකාවට දිගු නෑකමක් ඇත. චීන ණය නිසා පීඩාවට පත් වන බව දැන දැනම, ශ්‍රී ලංකාව තව තවත් ඒ පීඩකයාටම පෙම් බඳියි!

BBC

සිතා බලන්නම්! – චීනය

චීන විදේශ අමාත්‍යවරයා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි විට ලංකාවේ පාර්ශවයෙන් ඉතා ලොකු ඉල්ලීමක් ඉදිරිපත් විය. ඒ, ණය නැවත ව්‍යූහගත කරන ලෙස ය. ණය ප්‍රතිව්‍යූහගත කිරීමකදී මූලික වශයෙන් සිදුවන්නේ ණය කොන්දේසි ලිහිල් කිරීමයි. එනම් ණයෙහි පොලිය අඩු කිරීම හෝ ණය ආපසු ගෙවිය යුතු කාලය දීර්ඝ කිරීමයි.

මේ ඉල්ලීමට චීනය ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ”අපි ඒ ගැන සිතා බලන්නම්” යැයි චීනය කීවේය!

චීනයට තමන් කැමති දෙයක් තමන් කැමති විදිහකට සිතන්නට පුළුවන. නමුත් වඩා වැදගත් වනු ඇත්තේ ශ්‍රී ලංකාව සිතන්නේ කුමක්ද යන්නයි.

ශ්‍රී ලංකාවට උදව් අවශ්‍යයි

ණය සහනයක් ඉල්ලා සිටින තැනට ශ්‍රී ලංකාව පත්වන්නේ ණය ගෙවා ගත නොහැකි විට ය. නමුත් ණයහිමියාගෙන්ම තවත් ණය ඉල්ලා සිටීම..?

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාව පහළට ඇද දමමින් සිටියි. ෆිච්, මූඩීස් යනාදී සියලුම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙසේ කරයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තත්වය තවත් අයහපත් වනු ඇති බව ද ඔවුහු කියති. ශ්‍රී ලංකාවට දැන් ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය ය. එසේ තිබියදී ශ්‍රී ලංකාව නැවත වරක් චීනයේම සරණ යන්නේ ඇයි?

අවංකවම එය එසේ වී තිබෙන්නේ ලංකාවට වෙනත් විකල්ප නොමැති හෝ විකල්ප ඉතා අඩු තත්වයක් උද්ගත ව ඇති හෙයිනි.

IMF මැජික් යෂ්ටියක් නොවේ – කබ්රාල්

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්, ණය අර්බුදයකට මුහුණ පා සිටින විට සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF හි සහාය පතති. ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ය. නමුත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට අවශ්‍ය නැත. ඒ මන්ද? IMF ණය සහන හැමවිටම පැමිණෙන්නේ දැඩි කොන්දේසි සහිතව ය. ශ්‍රී ලංකාව එම කොන්දේසිවලට කැමති නැත.

”අප අනුගමනය කරන්නේ යෝග්‍යම මාර්ගයයි. IMF යනු සියල්ලට විසඳුම නොවෙයි. එය මැජික් යෂ්ටියක් නොවෙයි” එසේ කියන්නේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

‘අපේ ණය ආපසු ගෙවීම් පහසු කර ගන්නට අලුත් ණයක් ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔවුන් අපට උදව් කරාවි කියන අවබෝධය අපට තිබෙනවා’ යැයි ඔහු කියයි.

IMF සියල්ලටම විසඳුම නොවේ යැයි ඔහු කියන කතාවේ සත්‍යතාවයක් ද තිබේ. දැඩි මූල්‍ය අවශ්‍යතාවයකින් පීඩා විඳින රටවලට IMF දැඩි කොන්දේසි පනවයි. 1997 වසරේ ආසියාවේ මූල්‍ය අර්බුදය ඇති වූ විට IMF ආසියානු ප්‍රශ්නයට මැදිහත් වූයේ ඩොලර් බිලියන 40 ක ණය සහනයක් සමග ය. නමුත් IMF කොන්දේසි සරල ඒවා නොවීය. වියදම් කපා හැරීම, වෙළඳ හිඟය අඩු කර ගැනීම සහ ධනවාදය ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම ඔවුන්ගේ අනිවාර්ය කොන්දේසි විය. IMF හි ස්වභාවය එයයි. එයට අමතරව මානව හිමිකම් සංවර්ධනය ද ඔවුන්ගේ අනිවාර්ය කොන්දේසියකි. ශ්‍රී ලංකාව මෙවැනි කොන්දේසිවලට කැමති නැතුවා වන්නට පුළුවන.

චීනය හොඳම විකල්පය ද?

ශ්‍රී ලංකාව දැන් අනිවාර්යයෙන් විකල්ප වෙත යොමු විය යුතුව තිබේ. නමුත් ප්‍රශ්නය වන්නේ, චීනය හොඳම විකල්පය ද යන්නයි.

දැනටමත් චීනය විසින් ශ්‍රී ලංකාවේ එක් ජාතික වත්කමක් ණයට හිලව් කරගෙන තිබේ. ඒ හම්බන්තොට වරායයි.

චීනයෙන් වැඩිපුර ගන්නා ණය, ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නේ වැඩි ජාතික වත්කම් ප්‍රමාණයක් චීනයට සින්න වීමේ අවදානම ද සහිතව ය.

චීනය කෙසේවත් සිය ග්‍රහණය බුරුල් නොකරනු ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ නායකයන් සතුටු කිරීම සඳහා මොනයම් ක්‍රමයකින් හෝ ලිහිල් කරන ලද කොන්දේසි සහිතව තවත් ණය දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ චීන ග්‍රහණය, ජාත්‍යන්තර ප්‍රජාවට හොඳ පාඩමකි. ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව වැනි රටවලට වඩාත් පහසු හා නම්‍යශීලී විකල්ප යෝජනා නොකරන්නේ නම්, මෙවැනි රටවල් තව තවත් චීනය වෙතම ඇදී යනු ඇත.

RADIKA GUNARATNE – OUTBOUNDTODAY

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan