ලංකාවෙ යන්න අකමැතිම පාර – නුවර A-01 පාර

Date:

ට පුරා කරක් ගහන කෙනෙක් ගෙන් ඇහුවොත් ලංකාවෙ යන්න අකමැතිම පාර මොකක්ද කියලා. 100% ක්ම දෙන උත්තරයක් තමයි කොළඹ – නුවර A-01 පාර.පෑලියගොඩ ඉදන් වරකාපොළට යනකං යාපනය, ත්‍රීකුණාමලය, මඩකලපුව, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, දඹුල්ලට යන වාහන ට්‍රැෆික් එක ගැන කියන්න වචන නෑ. කඩුගන්නාව කන්ද නගින කොට ලොරියක්, කන්ටේනර් එකක් එහෙම ඉස්සරහින් ගියොත් කියවෙන කුණුහරුප සිංහල ශබ්දකෝෂයෙත් නෑ.

ඉස්සර ඔය චෝදනාව කොළඹ – මාතර A-02 පාරටත් තිබුණා. කොළඹ ඉදන් ගාල්ලට යි කොළඹ ඉදන් නුවරටයි හරියටම එකම දුර. ඒ කියන්නෙ හැතැම්ම 72 යි. ඒ කියන්නෙ කිලෝමීටර් නම් 115.2 යි. මහින්ද මහත්තයාට පිං සිද්ද වෙන්න දක්ෂිණ අධිවේගී මාර්ගය හදපු නිසා දැන් ගාල්ලට පැයෙන් යනවා. සිරිසේන- රනිල් යහපාලනේට පිං සිද්ද වෙන්න අපි ඒ දුරම තියෙන නුවරට පැය 04 න් යනවා.මේ ලෝකෙ වටිනාම සම්පත මිනිස් පැය. මේ සාමාන්‍ය කොළඹ නුවර මාර්ය නිසා වසරකට මිනිස් පැය කීයක් රටට අහිමි වෙනවාද.? ඉන්ධන කොතරම් නාස්ති වෙනවාද..?

එදා 2015 මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාව මහින්ද මහත්තයාව මැදමුලන ජනේලෙ එල්ලුවෙ නැත්නම් 2018 අවසන් වෙනකොට අපිටත් පැයෙන් නුවර යන්න තිබුණා.එදා 2015 මහින්ද මහත්තයා අතින් ගිලිහුනු බැට්න් පොල්ල අද ගෝඨාභය ස’ අරගෙන තියෙනවා. ලෝක වසංගතයක් තියා හෙම්බිරිස්සාවක්වත් තිබ්බෙ නැති යහපාලන කාලේ අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියට එක කිලෝමීටරයක් එකතු කරන්න බැරි උනා.

ඒත් දරුණු ආර්ථික සුනාමියක් මැද උනත් ගෝඨාභය ස’ වසර දෙකක් ඇතුළත මධ්‍යම අධිවේගී මාර්ගයේ 1/3 ක කොටසක් එනම් මීරිගම සහ ඓතිහාසික ඇතුගල්පුර අතර කොටස විවෘත කරා.මෙම කොටසේ දුර කිලෝමීටර් 40.91 යි.මෙහි මංතීරු 04 කි . මෙම මාර්ගය මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිකෙරුණු අලංකාරාත්මක මාර්ගය ලෙස සලකයි. ..මෙහි විශේෂත්වය වන්නේ දේශීය අරමුදල් භාවිතා කර දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් මාර්ගය ඉදිකිරීමයි. මෙම කොටසේ හුවමාරු ස්ථාන 05 කි. එනම් මීරිගම, නාකලගමුව, දම්බොක්ක, අගලගමුව, කුරුණෑගල , සහ යක්ගහපිටියයි.මීරිගම සිට කුරුණෑගල දක්වා වූ ව්‍යාපෘතියේ සමස්ත වියදම බිලියන 137කි.

( මෙහි නිවැරදිම ගණනය කිරීම විගණකාධිපති අනුර කුමාර දිසානායක විසින් නුදුරේදීම ඉදිරිපත් කරනූ ඇත. )කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්නෙ අලිගැටපේර ගේන්නද කියලා තාම කවුරුවත් අසා නැත.

නිලන්ත සත්සර ගමගේ Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...