අධිකරණ නියෝගයට ගරු කරමින් රටින් පිටවීමට සූදානම් – ජොකොවික්

Date:

අධිකරණ නියෝගයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට තමා සූදානම් බව සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් පවසනවා. වීසා ප්‍රතික්ෂේප වූ ජොකොවික් මේ වනවිට රැඳවුම් බාරයේ පසුවේ.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යන දිනයක් මේ වනතෙක් තීරණය කර නොමැත.

වීසා අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව පවසමින් ජොකොවික්ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් පියවර ගත් අතර ඉන්පසු ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය මගින් එම අභියාචනය ප්‍රතික්ෂේප කෙරුණු අතර වීසා ප්‍රතික්ෂේප කිරීම නීත්‍යනුකූල කෙරිණි.

පිට පිට වසර 03 කදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගෙන සිටින ජොකොවික් ඔස්ට්‍රේලියාවට පැමිණියේ සිව්වැනි වරටත් එම ශූරතාවය දිනා ගැනීම සඳහායි.

කෙසේ නමුත් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති බව පවසමින් ඔහුගේ වීසා අත්හිටුවීමට පසුගිය 06 වැනිදා තීරණය කළ අතර එහෙත් අධිකරණය මගින් එම තීරණය අවලංගු කළේය. ඉන්පසු යළිත් වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් තීරණය කළ අතර ඊට හේතු වූයේ වීසා ඉල්ලුම් කිරීමේදී ජොකොවික් අසත්‍ය තොරතුරු ලබාදීමයි. අසත්‍ය තොරතුරු ලබාදුන් බව ඔහු පිළිගෙන තිබිණි.

ජොකොවික්ට මෙවර පමණක් නොව තවත් වසර තුනක් යනතුරු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...

ජපන් වාහන වලට තිබුණ රැස් බස්සන BYD, MG රැල්ල!

සටහන – පුලී ජූලි 25, කොළඹ (LNW): 2025 වසරේ පෙබරවාරි...

චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...