අධිකරණ නියෝගයට ගරු කරමින් රටින් පිටවීමට සූදානම් – ජොකොවික්

Date:

අධිකරණ නියෝගයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට තමා සූදානම් බව සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් පවසනවා. වීසා ප්‍රතික්ෂේප වූ ජොකොවික් මේ වනවිට රැඳවුම් බාරයේ පසුවේ.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යන දිනයක් මේ වනතෙක් තීරණය කර නොමැත.

වීසා අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව පවසමින් ජොකොවික්ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් පියවර ගත් අතර ඉන්පසු ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය මගින් එම අභියාචනය ප්‍රතික්ෂේප කෙරුණු අතර වීසා ප්‍රතික්ෂේප කිරීම නීත්‍යනුකූල කෙරිණි.

පිට පිට වසර 03 කදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගෙන සිටින ජොකොවික් ඔස්ට්‍රේලියාවට පැමිණියේ සිව්වැනි වරටත් එම ශූරතාවය දිනා ගැනීම සඳහායි.

කෙසේ නමුත් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර නොමැති බව පවසමින් ඔහුගේ වීසා අත්හිටුවීමට පසුගිය 06 වැනිදා තීරණය කළ අතර එහෙත් අධිකරණය මගින් එම තීරණය අවලංගු කළේය. ඉන්පසු යළිත් වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බළධාරීන් තීරණය කළ අතර ඊට හේතු වූයේ වීසා ඉල්ලුම් කිරීමේදී ජොකොවික් අසත්‍ය තොරතුරු ලබාදීමයි. අසත්‍ය තොරතුරු ලබාදුන් බව ඔහු පිළිගෙන තිබිණි.

ජොකොවික්ට මෙවර පමණක් නොව තවත් වසර තුනක් යනතුරු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...