ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග කොවිඩ් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තත්වයට පත්වන ලකුණු

Date:

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන්ව යාමේ හැකියාවක් තිබෙන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

එසේ වුවහොත් සිව්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ඇමතිවරයා පවසනවා. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් සිව්වැනි මාත්‍රාවක් ලබාදීමටද ආණ්ඩුව සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

තවමත් ඇතැම් කණ්ඩායම් එන්නත්කරණ ක්‍රියාවලිය අඩපන කිරීමට උත්සාහ දරමින් සිටින බව පෙන්වා දෙන ජයසුමන මහතා පවසන්නේ එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ එවැනි බාධා කිරීම් මධ්‍යයේ බවයි.

මේ අතර ලබන ජූලි-අගෝස්තු වනවිට කොවිඩ් වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් තත්වයට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයද අනාවැකි පළකර තිබේ.

කැනඩාවේ පදිංචිව සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා දත්ත මගින් පැහැදිලි කරන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය සිය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවයි. ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයන් අතරින් දැඩිසත්කාර ඒකක ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සංඛ්‍යාව 0.2% ක් වැනි පහළ අගයක් ගන්නා බවත් ඩෙල්ටා ප්‍රභේදය අවම කිරීමේ හැකියාවක් ඔමික්‍රෝන් ප්‍රභේදය සතු බවත් ආචාර්යවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...