අන්තරේට අදත් කඳුළු ගෑස්! (VIDEO)

Date:

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා ප ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

තුම්මුල්ලේ පිහිටි, එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටට පැවති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවෙන අනතුරුව ඔවුන් පාගමනක් ආරම්භ කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, බදු බර – බඩුමිල පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි එම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

විරෝධතාකරුවන්ගේ පා ගමන හේතුවෙන් තුම්මුල්ල හංදිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශවන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබේ.

මේ අතර එම පාගමන ගාලුමුවදොරට පැමිණීමට නියමිතව තිබුණු අතර එහි පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...