Thursday, March 30, 2023
spot_img

Latest Posts

විදුලි බිල වැඩි වුණොත් වගකීම PUCSL භාරගත යුතුයි – විදුලි ඉංජිනේරුවන්ගෙන් චෝදනා (VIDEO)

මාධ්‍ය ඉදිරියේ වැරදි කතා නිලධාරීන් කැඳවා විදුලිය අය සම්බන්ධයෙන් පවතින ගැටලුව ගැන මහජන උපයෝගීතා කොමිසම විසින් සකාච්ජා කර විසඳුමකට පැමිණිය යුතු වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ මහජන උපයෝගිතා කොමිසමේ දුර්වලතාව නිසා රජය කුමන හෝ උපක්‍රමයක් යොදා විදුලි බිල වැඩි කළ හොත් එහි වගකීම මහජන උපයෝගීතා කොමිසම විසින් ගත යුතුව ඇති බවයි.

එය ස්වාධීන කොමිසමක් නම් වහාම ක්‍රියාත්මක විය යුතු බවයි වීරරත්න මහතා පෙන්වා දුන්නේ.

මේ අතර ප්‍රතිසංවිධානයට මුවාවෙමින් විදුලි බලාගාර පෞද්ගලිකකරණය කිරීමේ සූදානමක් පවතින බවත් නොරොච්චෝලේ බලාගාරයද එම සැලසුමට අයත්ව ඇති බවත් හෙතෙම සඳහන් කරන ලදී.

අද (16) සංශෝධිත ආදායම බදු පනත ඇතුළු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරරත්න මහතා එම අදහස් පළකළේය.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.