ඉන්දු ශ්‍රී ලංකා ම්තුදම් ශක්තිමත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් ගංගාරාමය වැද පුදා ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): අද (16) උදෑසන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාවගේ නිරෝගීභාවය, සාමය සහ සෞභාග්‍යය සහ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය උදෙසා ප්‍රාර්ථනා කිරීම සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගත්තේය.

මෙම අවස්ථාවට මහ කොමසාරිස්තුමාගේ භාර්යාව වන තනූජා ජා මහත්මිය ද, එක් විය.

ගංගාරාම විහාරයේ උප විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදී.

අග්‍රාමාත්‍ය මෝදි, 2017 වසරේදී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් සමාරම්භ කිරීම සඳහා ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාව අස්සජි හිමියන් විසින් සිහිපත් කරන ලදී. අස්සජි හිමියන් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ භූමිය වන ඉන්දියාවේ ඉගෙන ගන්නා සමයේ උගත් දෑ ද බෙදාහදා ගත් අතර දෙරට අතර ශිෂ්ටාචාරමය බැඳීම්වල වැදගත්කම ද අවධාරණය කළේය.

උන්වහන්සේ විහාරස්ථානයේ විශේෂ පූජාවක් පැවැත්වූ මහ කොමසාරිස්තුමාගේ සහ එම මහත්මියගේ සුරතෙහි පිරිත් නූල් බඳිමින් ආශිර්වාද කළේය.

විශේෂයෙන්ම ගැඹුරු ශිෂ්ටාචාරමය, ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික බැඳීම් ඇතුළු දෙරට අතර පවතින විවිධ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය නායකත්වයේ කැපවීම මහ කොමසාරිස්තුමා අවධාරණය කළේය. ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා භික්ෂූන් වහන්සේලාට ශිෂ්‍යත්ව ලබාදීම සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ආගමික ස්ථාන සූර්ය බලයෙන් බලගැන්වීම සඳහා මෑතකදී අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම වැනි දෙරට අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ වන විට සිදු කරනු ලබන විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් මහ කොමසාරිස්තුමා අස්සජි හිමියන් සමඟ සාකච්ඡාවක ද නිරත විය.

ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය අනුව ජනතාව කේන්ද්‍රස්ථානයේ තබා ගනිමින් ශ්‍රී ලංකාව සමඟ සියලු ආකාරයේ සහයෝගීතාවයන් වඩා ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ දැඩි කැපවීම මහ කොමසාරිස්තුමා විසින් අවධාරණය කර සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...

කොස්ගොඩ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (ජුලි 31)...

සීසීසි ය පොලීසියට අල්ලන්න බැරි ගැහිල්ලක් ගහයි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ප්‍රධාන පෙළේ ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (31) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...